විස්මිත පුහුණුකරු හතුරුසිංහ වහාම කොළඹ කැදවයි..

March 14, 2019 at 2:10 pm | lanka C news
විස්මිත පුහුණුකරු හතුරුසිංහ වහාම කොළඹ කැදවයි..

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන චන්දික හතුරුසිංහ මහතාව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අවධානය යොමු කර තිබේ. ඒ අනුව එක්දින තරගාවලියෙන් පසු දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් මහතා කටයුතු කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් ‘දිනමිණ’ කරන ලද විමසීමකදී, ලබන 16 වැනිදා කේප්ටවුන්හිදී පැවැත්වෙන එක්දින තරගයෙන් අනතුරුව හතුරුසිංහ මහතාට නැවතත් ලංකාවට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් කර සිටියේය.

හතුරුසිංහ මහතාගේ යටතේ ශ්‍රී ලංකා පිල අවසන් වසර එකහමාරකට අධික කාලයක් තරගවලට සහභාගි වුණද එහිදී පැහැදිළි ප්‍රගතියක් ලබා දීමට ඒ මහතාට නොහැකි විය. තරගාවලියක් දෙකක් හැරුණු කොට සෙසු සියලු තරග වලින් ශ්‍රී ලංකා පිල දැවැන්ත තරගාවලි පරාජයන් ලබද්දී වැඩි හතුරුසිංහගේ පුහුණුකාරීත්වය සම්බන්ධව දැඩි විවේචන එල්ල විය. එම විවේචනයන් එල්ල කරන ලද අය අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද සිටීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම ලද අසාර්ථක භාවය හේතු කොට ගෙන හතුරුසිංහ මහතාව මෙරටට ගෙන්වීමට තීරණය කළේද යන්න කරන ලද විමසීමේදී, ලෝක කුසලාන තරගාවලිය තෙක්ම පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ හතුරුසිංහ වන බැවින් ඒ පිළිබඳව වූ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණු කොට ඔහුව ගෙන්වා ගැනීමට හේතු වූ බව පැවැසීය.

“හදිසියේම ගෙන්න ගත්තා කියන එකෙන් එයාව පුහුණුකමෙන් අයින් කරනවා කියන එක කියවෙන්නේ නෑ. මේ තරගාවලිය අවසන් වුණාම එයා නිවාඩුවට ඔස්ට්‍රේලියාවට යන්න ඉන්නේ. ඊට පස්සේ ලෝක කුසලාන වෙනකම්ම අපිට තරග නෑ ක්‍රීඩා කරන්න. ඒක නිසා ලෝක කුසලාන තරගාවලිය ගැන එයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම ගෙන්න ගත්තේ නැත්නම් අපිට වෙලාවක් නෑ එයත් එක්ක කතා කරන්න. අනික ඉතුරු වෙලා තියෙන්නේ විස්සයි-20 තරග නිසා ලොකු අවුලක් නෑ” යැයි වත්මක් ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය. කෙසේ වෙතත් මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාවද දැනුවත් කළ බවද සභාපතිවරයා සඳහන් කර සිටියේය.

2018 වසරේ ආරම්භයේ සිට හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගනු ලැබීය. එදින සිට මේ දක්වා ශ්‍රී ලංකා පිල එක්දින තරග 23 කට සහභාගිවී ඇති නමුත්, ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 6 ක් පමණි.

මේ අතර විස්සයි-20 තරග සඳහා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ලද සුරංග ලක්මාල් යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන අතර, ආබාධයක් හේතුවෙන් මෙරටට පැමිණි කුසල් පෙරේරාගේ ස්ථානය සඳහා ලක්මාල්ව ආදේශ කර තිබේ.

– dinamina

44,700 Viewers

6 Comments to “විස්මිත පුහුණුකරු හතුරුසිංහ වහාම කොළඹ කැදවයි..”

  1. Nish says:

    අපි හිතුවේ පුහුණුකරු ලෙස ලන්කාවේ මිනිහෙක් ගෙනාවා කියලා. බලාගෙන යද්දී ඕස්ට්‍රේලියන් කාරයෙක්වනෙ ගෙන්නගෙන තියෙන්නෙ. මෙච්චර ප්‍රශ්න තියෙද්දී නිවාඩුවට කියලා ඕස්ට්‍රේලියා යන එකනම් අනුමත කරන්න බෑ. අපෙ මිනිස්සුන්ට මුල අමතක වෙනෙ එක තමා ලන්කාවට තියෙන ලොකුම හෙනෙ.

    • යොහාන් says:

      මේ රටට තිබෙන හෙනේ මේ රටේ මිනිස්සු මේ ක්‍රිකට් කියන කාලකන්නි ක්‍රීඩාවට තිබෙන පිස්සුව .
      නිරපරාදේ රටේ දරුවන්ගේ අද්‍යාපනය විනාශ කරමින් රජයේ පාසල් වල දවස පුරාම මේ කරන විගඩම කුමක්ද ?ඇමරිකාවේ පාසල්වල ක්‍රීඩා පුහුණු පවත්වන්නේ සවස් කාලයේදී පමණයි ඒවගේම එහි ළමයෙක් ක්‍රීඩා කණ්ඩායමකට ඇතුලත් කරගන්නේ ඔහු /ඇය තම විෂයන්ගෙන් ඉහල ලකුණු ලබාගන්නේ නම් පමණයි .එක විෂයකට හෝ අඩු ලකුණු ලබා තිබේනම් ඔහුට පාසල් කණ්ඩායමට ඇතුළත්වීමට ලැබෙන්නේ නෑ .ක්‍රිකට් නිසා මේ රටේ කුඩා දරුවන්ගේ සිට උසස් පෙළ ළමුන් දක්වා පාසල් අද්‍යාපනය අඩාල වෙලා .මේසේ අද්‍යාපනය අඩාල කරගන්නා නමුත් ජාතික තලයේ මට්ටමට පැමිණීමට නොහැකිව ක්‍රීඩා වලින් ඉවත්වන දරුවන් ගැන අප සිදුකර තිබෙන්නේ මොනවාද ?ඔවුන්ට වසර ගණනක් තිස්සේ අහිමි වූ අද්‍යාපනය ,සාමාන්‍ය දැනීම ලබාදෙන්නේ කවුද ?රටේ මෝඩයන් බිහිවීමට ක්‍රිකට් ක්‍රීඩාව දායක වන්නේ මෙලෙසයි .
      මේවා ගැන අප සිතනවාද ?නැතිනම් අපේ ක්‍රිකට් සිහිනය සැබෑ කරගැනීමට අපේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බිලි දෙනවද ?

  2. sakalabujan says:

    Y did called to Colombo as per Sport Minister its a Practices Tour

    දකුණු අප‍්‍රිකාවේදී පරදින්නේ ලොක කුසලානයට පෙරහුරුවක් ලෙසයි..- හරින්

  3. Malvathu Asgiri Girigoris says:

    යොහාන් මල්ලි කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඔය කාලකන්නි ක්‍රීඩාව රටෙන් තුරන් කරලා, වොලි බෝල්, ෆුට්බෝල්, හොකි වැනි ක්‍රීඩා වර්ධනය කලයුතුයි.

    හතුරුසිංහ මොනවා කරන්නද අර කාලකන්නි මලින්ගය සහ තිසර පෙරේරා රණ්ඩු වෙනකොට. උන් දෙන්න නිසා කණ්ඩායම බෙදිලා, ඉතින් කොහොමද දිනන්නේ.

    උන්ව අයින් කරලා අලුත් අය ගතයුතුයි.

    • By stander says:

      The young generation ( and also some elderly cricket fanatics ) should be fully brain – washed not to give too much attention and not go after this colonial master’s game , which had made millions of our children’s future bleak .It had been a utter wastage of resources of our country and also the precious time of it’s citizens . Are the well recognized and developed countries in the world such as Germany , Japan , China , France , Norway etc . playing test cricket ?

  4. Nihal says:

    Dont worry guys,

    Harin – send some cocain and club girls to South Africa for our teams entertainment.

Main News