විස්වාස භංගයට සහාය දුන් ශ්‍රීලනිප මැතිඇමතිවරුන්ට ආණ්ඩුවේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නෑ..

April 7, 2018 at 8:02 am | lanka C news
විස්වාස භංගයට සහාය දුන් ශ්‍රීලනිප මැතිඇමතිවරුන්ට ආණ්ඩුවේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නෑ..

විස්වාස භංගයට සහාය දුන් ශ්‍රී.ල.නි.ප.මන්ත්‍රී වරුන්ට තවදුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා පොලීසියේ සේවා වනිතා ඒකකය, කොට්ඨාශ ප්‍රවර්තන අංශය සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජික දායකත්වය මත පිටබැද්දර, සියඹලාගොඩ නැගෙනහිර කමල් ප්‍රියන්ත මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකළ නිවස තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිවසේ අයිතිය ලබා දීමේ උත්සවයේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

වැදගත් තීන්දුවක් පාර්ලිමේන්තුවේදී පළ වුනා.පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කියන්නේ ජනතාව තමන්ව නියෝජනය කරන්න පාර්ලිමේන්තු යවපු අය ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න.

එතැනදී නිවැරදි තීන්දුවක් දුන්නා.අගමැතිතුමාට,රජයට විරුද්ධව තිබුණු ඒ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේදී පරාජය කරන්න කටයුතු කළා.

අපේ ආණ්ඩුවේ පක්ෂ දෙක ඒ වෙනුවෙන් කටයුතු කරද්දී එක්පක්ෂයක,ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කොටසක් ඒ විශ්වාසභංගයට පක්ෂව කටයුතු කළා.

දැන් අපේ මතය මොකක්ද කියලා තමයි හැමෝම අහන්නේ.අපේ මතය කෙසේ වෙතත්සදචාරය කියන එක තමයි ඉස්සරහට එන්න ඕන.

තමන්ට තමන්ගේ රජය ගැන විශ්වාසයක් නැත්නම් ඒ තුළ ඉඳගෙන එක වට්ටන්න කටයුතු කරලා තවදුරටත් කටයුතු කරන්න පුලුවන්ද කියලා.ඒක තමයි අපි අහන්න ඕන ප්‍රශ්නය .

විශේෂයෙන් එතන ඉන්න මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා ජනතා චන්දයෙන් පැරදිලා පාර්ලිමේන්තුවට පත් නොවී මහජනයා එපා කියපු  ජාතික ලැයිස්තුවෙන් ආපු අය.

ඒ අය ගැන තමයි නිවැරදි තීන්දුව ගන්න වෙන්නේ.ඒ එදා ගත්තු තීන්දුව තනියම තියන්න බැහැ.අපි රජයක්

වශයෙන්,පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය ගැන අපි කලින්ම කියලා තිබුනා.ඒ ප්‍රතිසංවිධානය ඉක්මනින් කරන්න ඕන.

අනාගතයට ගැලපෙන ආකාරයට ප්‍රතිසංවිධානය කලයුතුයි.ඒ ගැන අපි කතා කරනවා 07,08 දෙදින තුළ.පක්ෂයක් වශයෙන් ජනාධිපතිතුමයි අග්‍රාමාත්‍ය තුමයි කැබිනට් මණ්ඩලයයි ආණ්ඩුවේ ඉන්න මන්ත්රීවරුයි ජනතාවට වැඩ කරන්න ඕන.ජනතා අපේක්ෂා ඉටුකළ යුතුයි.

අපි භාරගත් වගකීම අපි ඉටුකරන්න ඕන.

පලවෙනි අවුරුදු තුනේ අපි මහන්සි වුනේ වැඩපිළිවෙලක් සකසන්න.රජයක් මුල් අවුරුදු තුන ආවම වැඩපිළිවෙලක් සකස් කරන්න කාලයක් යනවා.සැලසුම් කරන්න.මුදල් සම්පාදනය කරන්න සහ ක්‍රියාත්මක කරන්න.දන් ක්‍රියාත්මක කරන කාලේ.

දැන් ක්‍රියාත්මක කරලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් හොඳ කාලයක් ගෙනත් දෙන්න ඔවුන්ව දියුණු කරන්න ක්‍රියාකරන්න ඕන.එහෙම කලේ නැත්නම් ඊළඟ මැතිවරණයේදී අපිව ෆේල් කරයි.

අපිට අනතුරු ඇඟවීමක් කළා පසුගිය පළාත් පාලන චන්දයේදී,,ඒක අනතුරු ඇඟවීමක් පමණයි.අපේ ගමන පැහැදිළි කරගෙන රටත් දිනවගෙන ඉදිරියට යායුතුයි.අධිෂ්ටනය සහ වැඩපිළිවෙල අපේ එකයි යනුවෙන් පැවසීය.

– ප්‍රියංක ගමගේ

11 views

3 Comments to “විස්වාස භංගයට සහාය දුන් ශ්‍රීලනිප මැතිඇමතිවරුන්ට ආණ්ඩුවේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නෑ..”

  1. namal says:

    එසේ නම් ඔවුන් ඉවත් කර ඇමැතිවරුන් 30 පමනක් ඇති තනි ආන්ඩුවක් හදමුද?

  2. daminda says:

    aanduwae sadachara……..?

  3. Lahiru says:

    It’s true! Wahaama illaa asweyalla, tom parchayangea lanuwa kaala tbittcha tanturath ahimi karagena taamath innawa nea meagolloa angea andum andagenada innea?ladjaa nethi haalparuwoa

Main News