විසිපන්දාහේ දඩයට විරෝධය.. බස්, පාසැල් වෑන්, ත‍්‍රීවීල්, කන්ටේනර් වැඩ වර්ජනයක් කැදවති..

November 24, 2016 at 5:30 pm | lanka C news
විසිපන්දාහේ දඩයට විරෝධය.. බස්, පාසැල් වෑන්, ත‍්‍රීවීල්, කන්ටේනර් වැඩ වර්ජනයක් කැදවති..

මාර්ග නීති කඩකිරීම් හතකට අවම දඩ මුදල රුපියල් 25,000ක් තෙක් වැඩි කිරීමට විරෝධය පල කරමින් මෙම දෙසැම්බර් පළමුවැනිදා සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට බස් රථ සංගම් කිහිපයක්ම තීරණය කර තිබේ.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ඇතුළු සංගම් කිහිපයක් විසින් මේ බව මාධ්‍ය අමතමින් සදහන් කලේය.

මෙම වැඩ වර්ජනය සදහා පාසල් සිසු ප්‍රවාහන වෑන්, ත්‍රී රෝද රථ, කන්ටේනර් රථ සංගම්ද ඇතුළු සංගම් 29ක් සහයෝගය පල කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා කියා සිටියේය.

වැඩ වර්ජනයට පෙර ජනාධිපතිවරයා මැදිහත් වී විසඳුමක් ලබා නොදුනහොත් ස්ථිර වශයෙන්ම වර්ජනය ආරම්භ කරන බවද ඔහු පැවසීය.

107 views