විසිපන්දාහ රථවාහන දඩ සූදානම්.. අලූත්ම දඩ කොලය එන සතියේ එයි..
February 13, 2017 at 3:00 pm | lanka C news
රථ වාහන සම්බන්දයෙන් වූ වැරදි හතකට අදාල දඩ මුදල රුපියල් 25000ක් තෙක් ඉහල දමන සංශෝධන සහිත නව දඩ පත්රිකාව එළැඹෙන සතියේදී හදුන්වා දීමට නියමිතය.
මේ වන විටත් එම නව සංශෝධන සහිත දඩ පත්රිකාව කෙටුම්පත් අවසන් කර ඇති බව ප්රවාහන අමාත්යංශය ලේකම් නිහාල් සෝමවීර කියයි.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ මෙම නව දඩයන් ක්රියාත්මදක කිරීටම මෝටර් රථ ආඥා පනත සංශෝධනය කල යුතු බවත් එම කටයුතුද දැනට අවසන් කර ඇති බවත්ය.
මෙම වැරදි හතට අමතරව රථ වාහන තවත් වැරදි 33ක් සම්බන්ධයෙන් වූ ගාස්තුද සංශෝධනය කර තිබේ.