“විසි වසක වීරවංශය” ‍සමරුවට ජනපති එක්වෙයි…

February 23, 2020 at 8:02 am | lanka C news
“විසි වසක වීරවංශය” ‍සමරුවට ජනපති එක්වෙයි…

ජාතික නිද­හස් පෙර­මුණේ නායක අමාත්‍ය විමල් වීර­වංශ මහ­තාගේ පාර්ලි­මේන්තු දිවි­යට 20 වස­රක් සම්පූර්ණවීම නිමිත්තෙන් (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක් වූහ.

“විසි වසක වීර­වං­ශය”  මැයෙන් එය සංවිධාන කර තිබිණ. විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවිය අලලා ඉසුරු ප්‍රසංග මහතා විසින් රචිත  “විමල් -යුගකාරකත්වයේ භූමිකාව” කෘතිය ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම, සංවර්ධන මාවතට ගෙන ඒම සහ රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටිම යන කරුණුවලදි තමා සහ විමල් වීරවංශ මහතා මුහුණ දුන් අභියෝග සහ ගැටලු පිළිබඳව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රැස්ව සිටී පිරිස අමතමින් සිහිපත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අති බහුතර කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත් කිරීම දක්වා  ක්‍රියාවලියට බාධක ජය ගනිමින් පැමිණි ගමන් මග ශක්තියක් වූ බවද අග්‍රමාත්‍යවරයා කියා සිටියේය.

රැස්ව සිටී පිරිසට ස්තූතිය පළ කළ අමාත්‍ය වීරවංශ මහතා රටට රාජ්‍ය අහිමිවීමේ අවදානමකට ලක්ව තිබූ මොහොතක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නායකත්වයට පත් කර ගැනීමට හැකි වූ බව කියා සිටියේය.

කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා  විශේෂ දේශන කළහ.

මැති ඇමතිවරු, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

9,815 Viewers

7 Comments to ““විසි වසක වීරවංශය” ‍සමරුවට ජනපති එක්වෙයි…”

  1. Nekum says:

    2002 දී ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7 දුන් තීරණය ජනාධිපතිට කියලා දෙන්න උපදේශකයන් කැමති නැද්ද?

  2. George says:

    මෙම සැමරුම් උත්සවයේදී අපේ ගරු ස්වාමීන්වහන්සේ නමක් හොද කතාවක් කලා. උන්වහන්සේ එහිදී වදාල ලිබියාවේ වර්තමාන තත්වයත් එහි දැන් තත්වයත්. ගඩාෆි සිටින විට ලිබියාව සුකිත මුකිත ඌ රටක් එහි නොතිබුනේ ප්‍රජාතන්ත්‍රවාදය පමනයි .දැන් එහි කිසිම දෙයක් නෑ ඇත්තේ ප්‍රජාතත්‍රවාදය පමනයි. 100% ක් ඇත්ත. අරාබි වසන්තය කියල NGO එකතුවෙලා ගඩාෆි එලෝල දැම්ම. දැන් ඒ රටේ මිනිස්සු බඩගින්නේ මිය ඇදෙනවා .හොදම උදාහරනය චීනය .චීනයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ලෝකයේ අංක එකේ ආර්තික බලවතෙක් දැනට වසර කීපයකට උඩදී බීජිං වල චතුරස්‍රයක ශිෂ්‍ය උපවාසයක් තිබ්බ. රජයෙන් නියෝගයක් නිකුත් කලා කාල සීමාවක් දී එම කාලයට කලින් ඉවත්වන ලෙස නමුත් සිසුන් ඉවත් උනේ නෑ. පසුව පාරවල් තැලීමට ගන්න ගල් රෝල් කීපයක් ඇවිත් සිසුන් යටකර දෙම්ම. දුවගන්ඩ බැරි උන සිසුන් 1600ක් පමන ගල් රෝල් වලට යටවෙලා මියගියා. චීනයේ දියුනුවේ රහස එයයි. අපිට අවස්‍ය ඒ වගේ පාලනයක්.

    • Piyadasa Yalagala says:

      This man is telling untruth stories of China about that suppressing student movement by Govt of China .What he said that student killed by PRC was is political propaganda of USA, UK and Western countries.Do not believe those fake stories.PRC is that under leadership of Communist Party of China since 1949.
      There was no such incident in recent past…but 1989 Student movement was right wing action by students back by Western countries including USA.

    • Piyadasa Yalagala says:

      This man is telling untruth stories of China about that suppressing student movement by Govt of China .What he said that student killed by PRC was/ is political propaganda of USA, UK and Western countries.US system is capitalist Imperialist rule by of that hegemony–power of Gun Democracy.
      Do not believe those fake stories that against PRC.

      Well PRC is that under leadership of Communist Party of China since 1949.
      China is socialist Country of by own features and conditions . It take long time be path of Socialism country by that People of China. It People Govt rule by CPC.
      There was no such incident in recent past…but 1989 Student movement was right wing action of anarchist of students which back by Western countries including USA. US cannot play fool with People of China and Its CPC of PRC.

  3. Vimarsha says:

    ජාතිකවාදිය සවිමත් කර මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට වීරවන්ශයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා!

  4. Parakum says:

    Has he declared his ASSETS, Most politicians achieved RICHES by doing politics.

  5. බත් කන වීරවංස says:

    අනේ මම ගැනත් පොතක් ලියන්න කෝ! අනේ ප්ලීස්!!!

Main News