විසුම්පාය හෝටලයක් කරන්න චම්පික ඉල්ලයි.. රවි නිල නිවසට ඉල්ලයි.. කැබිනෙට්ටුවේ ගැටුම්
July 16, 2017 at 4:40 pm | lanka C news
කොළඹ 07 පිහිටි විසුම්පාය ඉදිරියේදී බුටික් හෝටලයක් බවට පත් කිරීමට ඇමති චම්පික රණවක විසින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අතර විදේශ ඇමති රවි කරුණානායක මහතා සිය නිල නිවස ලෙසද විසුම්පාය ඉල්ලා සිටීමෙන් අලුත් අර්බුදයක් හටගෙන ඇත.
මංගල සමරවීර මහතා විදේශ ඇමති ලෙස සිටියදී භාවිත කල නිල නිවසේම තව දුරටත් රැුදී සිටීම නිසා කරුණානායක මහතා විසුම්පාය සිය නිල නිවස ලෙස ඉල්ලා තිබේ.