විසුරුවාලු පලාත් සභා මහ ඇමතිවරු ආණ්ඩුවේ වාහන 132ක් බාර නොදී ගල් කරති.. පොදු දේපළ යටතේ අත් ඇප නැතිව රිමාන්ඞ්..

October 6, 2017 at 3:27 am | lanka C news
විසුරුවාලු පලාත් සභා මහ ඇමතිවරු ආණ්ඩුවේ වාහන 132ක් බාර නොදී ගල් කරති.. පොදු දේපළ යටතේ අත් ඇප නැතිව රිමාන්ඞ්..

මේ මස 2 වෙනිදා වනවිට සම්පූර්ණයෙන්ම විසුරුවා හැර ඇති පලාත් සභා තුනේ හිටපු මහ ඇමතිවරුන් විසින් මෙතෙක් ආණ්ඩුවට භාර නොදි වාහන 132 ක් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා පාවිච්චි කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි.

උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න වාහන 48ක්ද, සබරගමු මහ ඇමති මහීපාල හේරත් වාහන 46ක් ද, නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් වාහන 38 ක්ද වශයෙන් නැවත බාර දී නැති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

ආණ්ඩුවේ හෝ පලාත් සභාවේ කිසිම තනතුරක් නොදරන මෙම පුද්ගලයින් රජයේ පොදු දේපල අවභාවිතයේ යෙදෙවීමක යෙදී සිටින බවත් පොදු දේපල පනත මත මොවුන් ඕනම අවස්ථාවක අත් අඩංගුවට ගෙන ඇප නොදි රිමාන්ඩ් භාරයේ තබා ගත හැකි බැව් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසති.

ඒ අනුව ඉදිරියේදී අදාළ අංශ වෙත පැමිණිලි කිරීමට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බලාපොරොත්තු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

28 views

4 Comments to “විසුරුවාලු පලාත් සභා මහ ඇමතිවරු ආණ්ඩුවේ වාහන 132ක් බාර නොදී ගල් කරති.. පොදු දේපළ යටතේ අත් ඇප නැතිව රිමාන්ඞ්..”

  1. Deshapaaluwo says:

    Yahapaalanayata jayawewa! Janathawata bangawewa! Chanje deepu eunta saapa wewa!

  2. රාජපති says:

    අම්මට උඩු, මේ අපතයන්ට මොකටද මෙච්චර වාහන?
    මේ ලඟදි තිබුන පුවතකට තව අපතයෙක් කොමෙන්ට් එකක් දාල තිබුන ගිය රජය කාලෙ බැසිල් කාර් 12 ක් පාවිච්චි කලයි කියල.

    මුන්ගෙ වාහන පාවිච්චිය දිහා බලනකොට කැබිනට් ඇමති වරයෙක් විදිහට බැසිල් කාර් 12 ක් පාවිච්චි කලයි කියන එක මොන ලූනු බිකක්ද කියල හිතෙනව.  

  3. චතුර පුතා says:

    උන් තුන්දෙනා යන්තම් හරි මහින්දගෙ පැත්තට හැරුනොත් වහාම දාමු වැලිකඩ. නැත්නං වාහන ඔහෙ පාවිච්චි කරපුදෙන්. ඕව පාවිච්චි නොකර එක තැන තිබ්බොත් මළකඩ කනවනෙ හිටං.

  4. Jayasingha says:

    Give these people the same FCID medicine which was given to the previous gov’t people for the same type of misuse of public property.

Main News