විහාරස්ථාන නාම පුවරුවකට පොලිස් ආරක්ෂාව යොදවයි….

March 22, 2021 at 3:50 pm | lanka C news
විහාරස්ථාන නාම පුවරුවකට පොලිස් ආරක්ෂාව යොදවයි….

බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් පාදාගොඩ , මාලේවන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයට පිවිසෙන අදිකාරි ගොඩ මංසන්ධියේ එම විහාරස්ථානයට අයත්ව තිබූ පැරණි නාම පුවරුව වෙනුවට නව නාම පුවරුවක් සවි කිරීමට යාමේදී එක්තරා පාර්ශවයක් (21)දින ඊට විරුද්ධත්වයක් පළ කර තිබීම සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව අලුත්ගම පොලිසියට පැමිණිලි කර තිබේ .

පසුව එම ස්ථානයට පැමිණි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා ඊට විරුද්ධව වූ පාර්ශ්වයට කරුණු අවබෝධ කරදී එම විහාරාධිපති නාහිමියන්ට එම පුවරුව එම ස්ථානයේ සවි කිරීමට කටයුතු සලසා පොලිස් ආරක්ෂාවක් ද යොදවනු ලැබූ බව කියයි. .

ඉපැරැණි විහාරස්ථානක් වන මෙම මාලේවන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට බොහෝ දුර බැහැරින් එන බැතිමතුන්ට එම විහාරස්ථානය ට පැමිණීමේ පහසුව සඳහා පැරණිඅබලන් වූ නාම පුවරුව වෙනුවට මෙම නව නාම පුවරුව සවි කිරීමට විහාරස්ථ දායක සභාව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ අවසරය ඇතිව කටයුතු කර තිබේන බව පොලිසියට දන්වා තිබේ .

අද 22 දිනයෙත් එම නාම පුවරුව සවි කරන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනු දක්නට විය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්ව

26,561 views
Main News