විහාරාධිපති හිමියන්ගේ දෙපා ගැටගසා, කටට පාන්කඩ ඔබා ඝාතනය කරයි..

June 29, 2020 at 4:40 pm | lanka C news
විහාරාධිපති හිමියන්ගේ දෙපා ගැටගසා, කටට පාන්කඩ ඔබා ඝාතනය කරයි..

ඉදුරුව, ගල්කන්ද රජමහ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ කිසියම් පිරිසක් විසින් ඊයේ (28) රාත්‍රී හෝ අද (29) අළුයම ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ යටියන බුද්ධානන්ද (73) නායක ස්වාමින් වහන්සේය.

ඝාතනය සම්බන්ධයෙන් වූ මහහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් අද (29) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලදි.

සිද්ධිය වූ ස්ථානයට බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයිරාංගනී ප්‍රනාන්දු මහත්මියද අද (29) පෙරවරුවේ පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික පරීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා දේහය බළපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ මෘත දේහය අද (29) පෙරවරුවේ මෙම විහාරස්ථානයේම වැඩ වාසය කරන වෙනත් ස්වාමින් වහන්සේ නමක් විසින් සොයා ගෙන තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. එම ස්වාමින් වහන්සේද ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ වයස් මට්ටමේම අයෙකු බවද කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඝාතනයට ලක් වූ නායක ස්වාමින් වහන්සේ ඊයේ (28) රාත්‍රී 10.00 ට පමණ නින්දට ගොස් තිබෙන බවත් එයින් පසුව මෙම ඝාතනය සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ස්වාමින් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබි ඇති බවත් මුහුණට උල් ආයුධයකින් ඇණ තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලීසිය කියයි. ස්වාමින් වහන්සේගේ බෙල්ලේද කැපුම් තුවාලයක් තිබූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීන් පිරිසක් හා අම්බලන්ගොඩ පොලීසියේ නිල සුනඛ අංශයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවීර මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

62,815 Viewers

25 Comments to “විහාරාධිපති හිමියන්ගේ දෙපා ගැටගසා, කටට පාන්කඩ ඔබා ඝාතනය කරයි..”

  1. kamal says:

    මඩිහේ පඤ්ඤාසිංහ හාමුදුරුවො අනාගාමි වෙලා ජාතිකත්වය කරේ නමුත් ත්‍රිකුණාමලේ ආනන්ද හිමි සෝවාන් වෙලා ඉන්නෙ.මඩිහේ පඤ්ඤාසිංහ හාමුදුරුවන්ගෙ ගෝලයො හය දෙනෙක් ඉන්නවා සෝවාන් වුන. මාතර ඥානරාම රහතන් වහනේසගේ ගෝලයො අට දෙනෙක් ඉන්නවා සෝවාන් වෙච්ච. කටුකුරුන්දෙ ඤණානන්ද හිමි අරහත් නෙවෙයි සකෘදාගාමි. නා උයනේ අරියධම්ම හිමි අරහත් හිමි නමක් අල්පෙච්චතාව හින්දා බුදු බව පතනවා කිව්වා. කටුකුරුන්දෙ ඤණානන්ද හිමි වගේ අහිංසකකමක් නා උයනේ අරියධම්ම හිමිට තිබ්බෙ නැ.දක්ෂ කමක් තිබ්බේ. බලන්ගොඩ ආනන්ද හිමි රහතන් වහන්සේ කෙනෙක් අල්පෙච්චතාවය හින්දා බුදු බව පතනවා කිව්වා. තව ඉන්නවා එක රහතන් වහන්සේ නමක් ලංකාවේ ඒ තමයි මගෙ මිත්‍ර පිටිදුවේ සමමන්ත භද්ද හිමි. අපි කථා වෙලා කලේ අපිට ඔනේ ශාසනය රකින්න. නමුත් කපටි වෙන්න බැ හෙට උපදින දරුවා වෙනුවෙන් අපි සියලු දෙනාම කැපවිම් කරා. දැන් තමයි දියසෙන් කුමාරයා එන්නෙ ඒක තමයි අපේ මනුස්‍යත්වය මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි.

    • Sinhalaya says:

      Kamala kabal welada angodata gos molaya pareeksha kara ganna pissek

      • Alapaluwa says:

        මේ ක්‍රියාව පිටුපස පොහොට්ටු හෙන්චයියෙක් සිටිය හැක.

    • Narada says:

      පූජකවරුන්ට හෝ භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීම ක්ෂණික කර්මය පතිසන්දම්ට හේතු වේ. මෙය සත්යයයි.ආගම කුමක් වුවත්, ඕනෑම ආගමකට ගරු කළ යුතුය, එය මිනිස් සංහතියේ විනීතභාවය පෙන්නුම් කරයි. අපේ සමාජ වටිනාකම් කෙතරම් නරක අතට හැරී ඇත්ද?.මහත්වරුනි, සමහර විට මෙම ප්‍රවෘත්ති පිටු ඔබගේ සහ මගේ දරුවන් පවා නැරඹිය හැකිය. අපි ඔවුන්ට වැඩිහිටි ලෙස හොඳ ආදර්ශයක් දෙනවාද?. මෙම ප්‍රවෘත්ති පිටු භාවිතා කරන පුද්ගලයින් උගත්, හොඳ රැකියා කරනවා විය හැකියි. නමුත් ඔවුන්ට තිබිය හැක්කේ කඩදාසි සුදුසුකම් පමණි, විශ්වීය දැනුමක් නැත.

      • බ්‍රාහ්මණ පුක්කුසාති says:

        @Narada ….පාහරයෝ…. සිවුරට වඳින්න ඕනෑ නම් පිරිකර කඩේකට ගොහින් රාක්කයකට වැඳපන්…

        • Crazy says:

          This is not good. Hell is ths sure path for these type abusive people. “Site administrator” please block these comments. So disgusting.

        • Boo says:

          මොකෝ බං මේ මහ දවල් නිරුවතින් බුරන බල්ලෙක් වගේ?

          තමන් එකඟ නොවන මතයකට විරුද්ධ මතයක් ශිලාචාරව, අඩුගනනේ 5 පන්තියටවත් උගත්කමක් තියෙන විදිහට රඟපා හෝ කියන්නට දැනුමක්, හැදියාවක් නැති මිනිස්සු ඉන්න රටකට යන කල දසාව කනගාටුදායකයි.

          හුඟක් වෙලාවට ඔහොම වෙන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ හෝ හැදුනු වැඩුණු සමාජ පන්තියේ හෝ උගත් කමේ හැටි-හැටියට කියලයි මනෝ විද්‍යාඥයෝ කියන්නේ.

        • Narada says:

          බ්‍රාහ්මණ පුක්කුසාති මහත්මායානි, විනය යනු සාමාන්‍ය දැනුමට සමානව ඔබට මිලදී ගැනීමට හෝ යෙදවීමට නොහැකි දෙයකි. ඕනෑම අයෙකු මහත්වරුන් හෝ “Wasalayaku”බවට පත්වන්නේ ඔහු කරන දේ හා කියන දේ අනුව ය.

    • බ්‍රාහ්මණ පුක්කුසාති says:

      ලන්ඩන් තේම්ස් හිටපු විහාරධිපති , දැන් ගම්පහ පහලගම විද්‍යාරවීන්ද්‍ර පිරිවෙනේ ලොක්කා එංගලන්තේ සුද්දියන්ට භාවනා උගන්වන්ට ගොහින් උන්දැගේ බාව නාවන්න ට්‍රයි කොරලා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියෙන් නඩු ගොනු කරලා ඔප්පු කරලා එහෙ හිරෙත් තප්පවලා රටිනුත් නෙරපලයි එව්වෙ… මෙහෙ ලමා නිවාස හදලා ඒ ෆොටෝ සුද්දො සුද්දියන්ට පෙන්වලා හොඳට සල්ලි ගරලා ඇවිල්ලා උන්දැටම හරියන ගෝලයෝ රොත්තක් හදාගෙන සුවසේ කම්සැප විඳිනවා. මේත් ඒවාගේ එකෙක් වෙන්න ඇති

    • මිසදුටුවා says:

      නායක කම ගන්න එතුලේම එකෙක් වැඩක් දුන්නද නැත්තන් වෙන හොර වැඩක් මාට්ටුවෙලා එලියට එයි කියල බයට මැරුවද දැනෙ නැ. ලංගම ඉන්න එවුන් ගැන වැඩිපුර හොයන්න.

  2. ExUNPer says:

    This should not be done even to the worst enemy by anyone ! ( irrespective of who they are)
    What kinds of dirty minds ? How can they do this ?
    Something is definitely going wrong with the society.

  3. samarakoon says:

    සෝම හාමුදුරැවන්ගෙ මරණය පිටිපස්සෙ දේශපාලන කුමන්ත්‍රන‍‍යක් තිබීම සහ උන්වහන්සේගේ නැති වීමෙන් පසු ඔවුන් එහි සතුට සාද දමා සමරා ඇති බව ප‍්‍රසිද්ධ රහසක්. දැන් පෙළක් උඩු බුරයි කෝ සාක්‍ෂි කියල.

  4. කුමාරදේව says:

    ඔන්න රට රකින විරුවා හාමුදුරුවෝ බේරාගත්ත හැටි , තුක් නොදකින් ආයේ දෙන්නේ නෑ

    • Van says:

      කුමාරදේව කියන මීහරක හිතන් ඉන්නේ ජනාධිපති තුමා ඉන්නේ පන්සල් මුර කරන්න කියලද? යහපාලන රජය කාලෙ ස්වාමීන්වහන්සේලාටයි රනවිරුවන්ටයි බුද්ධ් අන්ශයටයි කරපුව ඔහේට මතක නැද්ද? නොදකින් තොපි වගේ කුහක හැත්ත. තෝ වගේ එවුන් හින්ද තමයි සින්හල ජාතියට හෙන ගහල තියෙන්නෙ. ගිහින් බුදියගන් බදුර්දීන් එක්ක.

    • ඇලෝසියස් says:

      මෙහෙම් බුරුවෙක් මු කියන්නේ හැම ගෙයක්, පන්සලක්, පල්ලියක් ගානෙම පොලිසිය දාන්න කියලද, ආයිත් දෙන්න එපා දීපන් ගොන්ජට පුප ඔයිට වැඩියේ හොදයි. තොපිවගේ හැම එකටම දේසපාලනේ ගාවගන්න එවුන් නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ.

    • Love nature says:

      අන්තවාදී හම්බයා ගරුතර බෞද්ධ භි ක්ෂුන් වහන්සේලාට අවමන් නොකර හිටු ..මේක බෞද්ධ රටක් බව මතක තියා ගනින් .

    • sunimal says:

      කුමාරදේව උබ මෝඩ බුරුවෙක් …අපේ විරුවන්ට අවමන් නොකර හිටු
      දේශපාලන වැසි ලබා ගැනීමට සමහර විට අන්තවාදීන් විසින් මේ අපරාධය කරන්න ඇති ..මේ අපරාධය කල පුද්ගලයා හෝ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම අපේ පොලිසිය සතු වගකීමක් …අපරාධකාරයාව පොලිසිය අත්අඩංගුවට ගනීවි ..බොරුවට පාලකයින්ට අපහාස කිරීම නවත්වපියව්

    • ඉත්තෑවා says:

      හිකිස්…. උබ නම් ෂුවර් එකටම ජෙප්පෙක්.

  5. B4 UNP now Gota says:

    තිරිසන් නු…..

    බැලුම සාසනය වෙනුවෙන් හදපු සංවිදාන මෙම හිමිනම වෙනුවෙන් කුමක් කරාවිද කියලා.

  6. කෝලිත says:

    රට රකින අපේ විරුවා..
    චිවරයටත් අන්තිමේදී කෙලියා..

  7. Manoj says:

    “Sinhalaya says:
    June 29, 2020 at 7:31 pm
    Kamala kabal welada angodata gos molaya pareeksha kara ganna pissek”

    ====================================================================================

    Kamal namin comment danne PISSEK bawa penawa. Issella PISSU BALU VAN ekata call karapan 🙂 🙂 🙂

  8. දම්සතර says:

    සත්වයා කර්මය දායාද කොට පවතියි.ප්‍රභල අකුසල කර්මයක් විපාක දුන් එ හිමියන්ට වහ වහා ධර්මාවබෝධය වේවා! අපරාදය කරපු පින්වතා තමයි කල්ප ගණනකට ඇතිවෙන්න සුවිශාල පවු කන්දක් කරගත්තෙ?

    • Narada says:

      සත්‍යමායි, කර්මය පසුපස හඹා යාම මාර් ගා පල ලබා අනතුරුව සිදු විය. නරක දේවල් කරන්න බිය වන්න

  9. Daabare says:

    Kaalayak Thibuna …Thamantama Gahagena .Thamanma Kapaagena wage siddhi.
    Mekath
    Thamanma bandagena, Katata Paankad obagena wenna barida ?

Main News