වීදිය බණ්ඩාර රජුගේ නිධානය කඩන්න ගිය පිරිසක් අල්ලයි…

January 24, 2021 at 6:48 pm | lanka C news
වීදිය බණ්ඩාර රජුගේ නිධානය කඩන්න ගිය පිරිසක් අල්ලයි…

වීදිය බණ්ඩාර රජ්ජුරුවන් සැඟ වූ බව කියන නිධන් සොයා බදුරලිය බොල්ලුන රක්ෂිතයේ පුවක් දොල ඇල්ලේ පිහිටි විශාල කලු ගලක කැණීම් කරමින් සිටී පුද්ගලයන් හත් දෙනෙක් අද 24 අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක එක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකතිලංග සංජීව මහතා පැවසීය .

ලද තොරතුරක් මත වැටලීම සිදුකරන අවස්ථාවේ දී නිදන් වස්තු ගැනීමට යාග හෝම කර කපුවා යැයි කියා ගන්නා පුද්ගලයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි .

එමසැකකාර පුද්ගලයන් පැමිණි බව කෙරෙන මෝටර් රථ දෙකක් ,යන්ත්‍ර මන්ත්‍ර පොත්, පූජා වට්ටි , ත්‍රිශූල,සහ කපුවා පළඳින ඇඳුම් පැළඳුම් සහ තවත් පූජා භාණ්ඩ රැසක් පොලිස් බාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත්සැකකරුවන් සම්බන්ධයෙන්විමර්ශන සිදුකර අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩම්මික පියන්ත, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස ,ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් සිල්වා යන මහත්වරුන් ගේ මහත්වරුන් ගේ උපදෙස් පරිදි කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංක 1 ඒකකය භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

19,464 views

3 Comments to “වීදිය බණ්ඩාර රජුගේ නිධානය කඩන්න ගිය පිරිසක් අල්ලයි…”

  1. රන්වල says:

    ඕකුන් ටික අල්ලලා හිර කරපල්ලා නැත්නම් වීදිය බණ්ඩාර දුන්නු රෙසිපියට ගැහුව කියල තව පැණියක් මතු වේවි.

  2. Saradiel says:

    මේ කාල කන්නි වසලයන්ව ජීවිතාන්තය දක්වා සිරිකර තබන්න

  3. සජී පුතා says:

    තවත් නිදන් තියෙනවද යකෝ..!!

Main News