වීරකුමාරට ඇමතිකමක්..? එජාපය දැඩිව කැළඹෙයි..

December 6, 2017 at 9:20 am | lanka C news
වීරකුමාරට ඇමතිකමක්..? එජාපය දැඩිව කැළඹෙයි..

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්වනු ඇති බව අද දිනපතා පුවත්පත් කිහිපයක්ම වාර්තා පල කර ඇත.

ඉන් පසු ඔහුට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද එම වාර්තාවෙන්හි දැක්වෙයි.

ජාතික නිදහස් පෙරමුණ මේ මොහොතේ ගන්නා දේශපාලන ක‍්‍රියාමාර්ගය දැඩිව විවේචනය කරමින් ඒ මහතා අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

ඔහු එහිදී මූලිකවම කියා සිටියේ 2020 දී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම වැලැක්වීම සදහා මෛත‍්‍රි මහින්ද දැන් දැන්ම එක්ව සන්ධානගත විය යුතු බවයි.

රට බේරා ගැනිම සදහා මේ මොහොතේ කල හැකි වඩාත් සුදුසුම ක‍්‍රියා මාර්ගය එය බවද ඔහු කියා සිටියේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසන්නේ වීරකුමාර මන්ත‍්‍රීවරයා අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීම පක්‍ෂ විනය තැබීමක් බවයි.

තම පක්‍ෂය තීන්දු තීරණය ගනු ලබන්නේ 95%කම එකගතාවයෙන් බවත් තනි පුද්ගලයෙකුගේ හෝ කුඩා කණ්ඩායමක උවමනාව මත කිසිම තීරණයක් නොගන්න බවත්ය.

මේ අතර වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රීලනිපයට එක්ව ඇමති ධුරයක් ලබන්නේ යයි වාර්තා වීමත් සමග එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයින් කලබලයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

2020දී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම වැලැක්වීම සදහා තමන් කටයුතු කරන බව වීරකුමාර මන්ත‍්‍රිවරයා පැවසීමත් සමග රනිල් වික‍්‍රමසිංහ විරෝධී බලවේග ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් රැුස් කරමින් සිටින්නේ යයි එම පක්‍ෂය තුල මේ වන වට යම් සාකච්චාවක් ඇතිව තිබේ.

74 views

27 Comments to “වීරකුමාරට ඇමතිකමක්..? එජාපය දැඩිව කැළඹෙයි..”

  1. Gama says:

    ගමෙන් බිහිවෙන උසස් අධ්‍යාපනයක් ඇති හෝ නැති ආර්ථික ශක්තියක් නැති කට වාචාල කම පමණක් තිබුණු පලියට ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් ටිකට් එක ගන්න බැරිවුන්ට කට වාචාල කමින්වත් රටේ ජනප්‍රිය වෙන්න පුළුවන් ගම් මට්ටමින් ජේ වී පී, කොමියුනිස්ට්, ජාතික නිදහස් පෙරමුණ වගේ කුඩා පක්ෂ තුලින්. ඉන් පස්සේ හෙමිහිට එවැනි පක්ෂයකින් පාර්ලිමේන්තුවට රිංග ගත්තට පස්සේ උන් දන්නව මෙවැනි කුඩා පක්ෂ වල ඉදල වාසියක් නැති බව. බොහෝ විට ඇමති කමක් හෝ ලැබෙන්නෙ එම කුඩා පක්ෂයේ නායකයට විතරයි. ඉතිං එහෙම එන එකා හැම තිස්සෙම කුරුමානම් අල්ලමින් ඉන්නෙ ඌ මෙතෙක් කියව කියව හිටිය ප්‍රතිපත්ති ගැන නෙවෙයි කොහොමද ධනපති පක්ෂයකට පැනල මගේ බඩ බොක්ක, මඩිය තර කරගෙන ඇමති පට්ටමක්ග හගෙන රටේ පොරක් වෙන්නේ කියල. වීර කුමාර අද වෙනකම් ඇවිත් තියෙන්නෙත් ඔය පාරෙම තමයි. මේ මිනිහ දන්නව සමහර විට එයා යන පැත්තෙ එවුන් ඊලග වතාවෙ පැරදුනා උනත් ඒකෙ දිගටම ඉන්නකොට අනාගතේදී හෝ හත්මුතු පරම්පරාවකට හම්බ කර ගන්න පුළුවන් කියල. ඔය බොරුවට ශ්‍රිලනිපයට නැති ස්නේහයක් මවාගෙන රනිල්ට බැන බැන පක්ෂය ගැන කථා කරන්නෙ (රනිලුත් දැනුවත්ව) අන් කිසිවක් නොව මහ මැතිවරණයේදිත් දැනුත් JVP එක රනිල්ට කර කර ඉන්න සෙල්ලමම තමා.

  2. Priyankara says:

    Me wage salliwalata ,rata jathiya pawala dena gal weddo gan ena chanden balaganna puluwan.

  3. Jeewantha says:

    Weerakumara,Go & beg money along the road side which is better than betraying country & patriotic leader like Wimal.

  4. NAK says:

    Weerakumara must have been thoroughly black mailed. Wijenayake of course has a murder rap round his neck. We will wait and see what that is.

  5. KAMAL says:

    බුරු කතා එපා. මඉත්‍රී කියන්නෙ එක පාරක් බලු ලෙස මහින්ඩ ම්හතා වත් මහජනතවත් අමු අමුවෙ පාවා දුන්න බල්ලෙක්. එ බලු වඩ නවත නවත් ඌන් ඩෙන්නම එකතු වෙලා කොරන්න හඩනව අ කියලහිටන්නා බරිද. ඔය අවඩනම් ඩෙවල් මෙවර නොකල යුටුඉ.

Main News