වීරවංශ ඇමති කාලේ හැදුවේ නිවාස ලක්‍ෂයයි.. සජිත් දැනටම නිවාස ලක්‍ෂ තුනක් හදලා..

October 15, 2018 at 4:40 pm | lanka C news
වීරවංශ ඇමති කාලේ හැදුවේ නිවාස ලක්‍ෂයයි.. සජිත් දැනටම නිවාස ලක්‍ෂ තුනක් හදලා..

‘භාරකාර ආණ්ඩු හදන්න කථා කරන විමල් වීරංශට කියන්න වෙන්නේ තමන්ගේ බඩ ගොස්තරය තරකරගන්න ආණ්ඩු හදන්න දුන්නොත් වෙන්නේ නරින්ට කුකුල් කූඩු භාරදුන්නා වගෙයි’ යයි ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

රුවන්වැල්ල, දයිගල ආපදා ගම්මානයේ මාර්ග පද්ධතිය හා කාණු පද්ධතිය සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 105 ක මුදල් ප්‍රතිපදන ලබාදි වැඩ ආරම්භ කිරීමේ උත්සවයේදී මෙලෙස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටයහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වීරවංශ නිවාස ඇමතිවරයා ලෙස සිටි කාලයේ හදන්න පුළුවන් උණේ නිවාස ලක්ෂයක් බවත්, අපේ සජිත් ප්‍රේමදාස මහතා වසර තුනට නිවාස ලක්ෂ 3 ක් හදලා ජනතා අයිතියට පත්කළ බව කියා සිටියේය.

මම අහනවා එයා ඇමතිකමේ සිටින කොට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා හදපු, උදාගම්මාන වල වටේ තිබුණ පොදු ඉඩම් ටික අරගෙන විකුණන්න කටයුතු කලා. එක එක්කෙනාට සල්ලිවලට විකුණන්න කටයුතු කලා.

ගම්මාන වල සිටි දුප්පත් මිනිසුන්ට බෙදා දෙන්නේ නැතිව මුදල් වලට විකුණන්න ආරම්භ කලා. ඉස්සල්ලාම එයාගෙ රෙකෝඩ් එක එයා බලාගන්න ඕන. මොකද එයාගෙ කාල පරිච්ඡේදය තුල ලංකාවේ ඉදිකල නිවාස ප්‍රමාණය ලක්ෂයයි.

එයෙනුත් වැඩි ප්‍රමාණයක් හදල තියෙන්නේ ලොකු මිනිස්සුන්ට ඉන්න මන්දිරයි. නමුත් මේ වසර 3 ඇතුලත නිවාස ලක්ෂ 03ක් හදලා තියනවා. තුන් ගුණයකින් වැඩිපුර හදලා තියනවා.

මෙම අවස්ථාව සදහා කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න, හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් ෆාරුක් ඇතුළු ගම්වාසීන් සහභාගි විය.

– ROSHAN YOOSUF

121 views
Main News