වීරවංශ වෙනුවෙන් හිරගෙදර ඉදිරියේ අධිෂ්ථාන පූජා සහ සත්‍යක්‍රියා…

March 27, 2017 at 8:02 am | lanka C news
වීරවංශ වෙනුවෙන් හිරගෙදර ඉදිරියේ අධිෂ්ථාන පූජා සහ සත්‍යක්‍රියා…

මැගසින් බන්ධනාගාරයේ අඛන්ඩ උපවාසයක නිරතවී සිටින තම පක්ෂ නායක විමල් වීරවංශ මහතා වෙනුවෙන් එම බන්ධනාගාරය ඉදිරියේ අධිෂ්ථාන පූජාවක් සහ සත්‍යක්‍රියාවක් පැවැත් වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබිණි.

මෙම අධිෂ්ථාන පූජාව සහ සෙත් පිරිත් සජ්ඤායනය කරමින් සත්‍ය ක්‍රියාව මෙහෙයවීම පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් සිදු කළහ.

මෙම අවස්ථාවට ජානිපෙ නියොජ්‍ය නායකවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභික පත්ම උදය ශාන්ත මහතා ඇතුළු සෙසු පක්ෂ නායකයින් , මහජන නියෝරිතයින් රැසක් එයට එක්ව සිටියහ.

– අනුරුද්ද බණ්ඩාර

50 views
Main News