වී අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට… ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්…

December 25, 2019 at 8:02 am | lanka C news
වී අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට… ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්…

ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (24) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

ඉදිරි උත්සව සමයේ දී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමේ දී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

වී මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටළු රැසක් එමගින් නිරාකරණය කෙරුණු අති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

සහල් මිල පාලනයට රජය ගත් තීරණය සමග එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරු ද විමර්ශනය කෙරිණි.

පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන්නේය.  ඊට අදාළ වැටලිම් පුළුල් කර තිබේ. එමෙන්ම වෙළඳුන් දැනුවත් කිරීමට ද කඩිනමි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.

තිරිගු පිටි මිල පාලනයට රජය ගත් පියවර මෙන්ම අනෙකුත් අත්‍යාවශය භාන්ඩ සඳහා ලබාදුන් බදු සහනවල ප්‍රතිලාභ පිළිබදව ද සමාලෝචනයට ලක් කෙරිණි.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද චමල් රාජපක්ෂ. රමේෂ් පතිරණ. වාසුදේව නානායක්කාර, මහින්ද යාපා අබේවර්ධන, විදුර වික්‍රමනායක, සනත් නිශාන්ත, තාරක බාලසූරිය යන මැති ඇමතිවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– මොහාන් කරුණාරත්න

130 views

7 Comments to “වී අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට… ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්…”

  1. ඔබා says:

    ඕව දේශීය කර්මාන්ත. ඇමෙරිකන් මල්ටිනැෂනල් නොවේ. සහල් මිල අඩුකරන්න රජය වී මිලට ගෙන ඔය කියන පොඩි මෝල් වලට දෙන්න. එතකොට තේරේවි ඇත්ත තත්තේ. ගොන් වැඩ කරලා ගොවියයි කර්මන්තයි දෙකම කන්න එපා.කට්ටිය වැලට රැලේ යනවා.අවුරුදු විස්සක් තිස්සේ මේක තේරුම් ගන්න බැරිවෙච්ච අය මේආන්ඩුවත් ආපුගමන් කනවා. ඔය ඊර්ෂාවෙන් වෛරයෙන් මඩ ගහන කර්මාන්ත මේ රටේ හිඟනප්‍රතිරූපය වෙනස් කරණ සම්පත්. අයිතිකාරයෝ මැරුණම ඕව අරං යන්නේ නැහැ.වීනාසකරන්න එපා .

    රටේ ඉන්වෙස්ට්මන්ට් ක්ල්යිමට් එක කන්න එපා. ව්‍යාපාර වලට හිරිහැර කර වෙළඳ පල පාලනය කරවිට එයම ආපසු කැරකී පාරිබෝගිකයා, නිෂ්පාදකය,ගොවියා සියල්ල පෙලාවී. වෙළඳපොළ පාලනය කරණ බුද්ධිමත් ක්‍රම යොදාගන්න.
    පිටරට වලින් ගේන අමු කුණු කිසි පැකිලීමක් නැතිව කන රටක් හාල් වලටයි පිටි වලටයි තිතට ප්‍රමිතිය හොයනවා. අවුරුදු 40 කට පෙර අපි කාපු හාල් වලයි පිටි වලයි හැටි (ගඳ,පාට,රස,වී,ගල්,ඇඹුල) සිහිකරගත්ත නම් හොඳයි. අමනෝඥ නොවී.

    සතොස කාර්යක්ක්ෂම කරන්න. හිටපු සබාපති සරූක් මහතාගෙන් විස්තර අසාගන්න.

    • Buruwa says:

      I agree with Oba for some extent.
      Rice mills needed profit which is required to maintain their facilities and machinery, pay their employees.
      What this country really need is laws, preventing Cartel and Monopolistic behavior of big companies. Not only rice everything. Sri Lankan rice is not with international slandered. This has to be also improved. Doing rice business by Government is not a long term solution.

  2. රටවැසි says:

    මම දැක්කේ අපේ ජනාධිපති තුමා ගේ හැසිරීමයි . අගෙයි , සංතෝශයි මැති තුමනි . ඔබතුමා වැල් පුටුවක වාඩිවෙලා සෙස්සන් ට සැප පුටුවක් ලබා දීලා . ඔබේ ආදර්ශය කුරුවල් නොවූ හිත් ඇති දරුන් වන්ට අගනා පාඩමක් වේවි . ආශීර්වාද වේවා !

  3. බන්ඩා says:

    මගේ තාත්තත් මුදලාලි කෙනෙක්. ලාබයහඹා ගියේ නැත්නම් වෙළඳ සැලකට පවතින්න බැහැ. අසාධාරණ වෙළදාමට තිත තියන්න නම් සතොස (සමූපකාර නෙවෙය්) නියම පාලනයක් සහිතව දියුනු කල යුතුය්. ගමේ කබ්බො චන්දෙන් පත් වන සමූපකාර දියුන කොරන්න බැහැ.

  4. බන්ඩා says:

    මගේ තාත්තත් මුදලාලි කෙනෙක්. ලාබයහඹා ගියේ නැත්නම් වෙළඳ සැලකට පවතින්න බැහැ. අසාධාරණ වෙළදාමට තිත තියන්න නම් මුදලාලිලාට තරඟයක් දෙන්න හැකි විදිහට සතොස (සමූපකාර නෙවෙය්) නියම පාලනයක් සහිතව දියුනු කල යුතුමය්. ගමේ කබ්බො චන්දෙන් අධ්‍යක්ෂක මන්ඩලයට පත් වන තාක් සමූපකාර දියුන කොරන්න බැහැ.

  5. Love nature says:

    සගවා තිබෙන සහල් සොයා බැලීම හමුදාවට බාරදෙන්න

  6. sinha le says:

    උතුරේ බස්රථ වල ගමන් මාර්ග නාම පුවරුවේ සිංහල මුලින් සදහන් කල යුතුය

Main News