වී අස්වැන්න අඩු වුවත් පාඩුවක් නැතැයි ගොවියන් කියති..

January 14, 2022 at 8:40 am | lanka C news
වී අස්වැන්න අඩු වුවත් පාඩුවක් නැතැයි ගොවියන් කියති..

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මීරිගම ප්‍රදේශවල වී වගා කර අස්වැන්න නෙළන ගොවීන් හමුවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (13) එම ප්‍රදේශවල සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ආරාධනයකට අනුව මේ ප්‍රදේශවල ගොවිබිම් කිහිපයක්ම අමාත්‍යවරයාගේ නීරික්ෂණයට ලක්විය. ගම්පහ දිසාවේ කුඹුරු හෙක්ටයාර් 11000ක් පමණ මෙවර මහ කන්නයේ වී වගා කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

මෙම ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර යොදා වී ගොවිතැන් කර ඇති බවත්, එමඟින් අස්වැන්න තරමක් අඩු වුවත් ඉහළ මිලකට වී අලෙවි කර ගන්නට අවස්ථාව ලැබෙන නිසා අස්වැන්න අඩු වීම ගොවියන්ට ගැටලුවක් වී නැති බවත් දිවුලපිටිය ප්‍රදේශයේ ගොවීහු සදහන් කරති. “මේ ප්‍රදේශයේ අපිට ලැබුණ කාබනික පොහොර උසස් තත්ත්වක තිබුණා. මේ නිසා අපිට මේ ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සියල්ල වගා කරන්න පුළුවන් වුණා. මෙවර අස්වැන්න වෙනදාට වඩා 15% – 25%ත් අතර ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. එහෙම වුණත් දැන් මේ ප්‍රදේශවල තෙත වී කිලෝව රුපියල් 80 ත් 85ත් අතර මිලකට විකුණා ගන්න පුළුවන්. ඒ නිසා අපිට වී ගොවිතැන පාඩුයි කියල කියන්න බෑ”. යැයිද ගොවියෝ අමාත්‍යවරුන්ට කීහ.

මහ කන්නයේදී ගොවීන් මුහුණ දුන් ගැටලු පිළිබදව අමාත්‍යවරුන්ට කරුණු ඉදිරිපත් කරමින් ගොවීන් කියා සිටියේ නිසි කලට පොහොර නොලැබීමත්, ලැබුණ පොහොර ප්‍රමාණවත් නොවීමත් ගැටලුවක් වු බවය. ඉදිරි කන්නවලදී මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමෙන් අපේක්ෂිත මුළු අස්වැන්න ලබා ගත හැකි වනු ඇති බවද ඔවුන් විශ්වාසය පළ කළේය. වසවිසෙන් තොර ආහාර සපයා ගැනීමට කාබනික වගාව ඉතා හොඳ දෙයක් බැවින් තමන් කාබනික ගොවිතැන අත්නොහැර ඉදිරියටත් කාබනික වී ගොවිතැන සිදු කරන බවද ගොවියෝ කීහ.

මීරිගම ප්‍රදේශයේ ගොවීන් අවධාරණය කළේ මෙවර කාබනික වගාවෙන් අස්වැන්නේ කිසිදු අඩුවක් නොමැති බවය. අපි කන්න කීපයක ඉඳල කාබනික වී ගොවිතැන අත්හදා බැලුවා. ඒ අත්හදා බැලීම කන්නයෙන් කන්න සාර්ථක වුණා. මෙවර අපි රසායනික පොහොර බිඳක් හෝ පාවිච්චි නොකළත් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වී තිබෙන බවද ඔවුහු අමාත්‍යවරුන්ට කීවේය. ඔවුන් අමාත්‍යවරුන්ට පෙන්වා දුන්නේ පොළොන්නරුව ගොවීන් කාබනික වගාවේ ඔවුන් ලැබු අත්දැකීම් බෙදා ගන්නට මීරිගමට පැමිණිමට සුදානමින් සිටින බවය.

“කාබනික වී ගොවිතැන එක්වරම සාර්ථක කර ගන්න බෑ. කන්න දෙක තුනක් කාබනික වගාවට යොමු උනාම ක්‍රමයෙන් ඉහළ අස්වැන්නක් ලබන්න පුළුවන්. කලට වේලාවට මහ කන්නයේ පොහොර ලැබුණේ නෑ. ඒ වාගේම ලැබුණ පොහොරත් ප්‍රමාණවත් නෑ ”යැයිද ගොවීන් අමාත්‍යවරුන්ට කීවේය. ගම්පහ දිසාවට ලැබුණ කාබනික පොහොර ඉතා හොඳ තත්ත්වයෙන් තිබුණා. ඒ පොහොර තොගයක් පොළොන්නරුව ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවද ගොවීන් සදහන් කළේය. අමාත්‍ය දෙපල දිවුලපිටිය ප්‍රදේශයේ කුඹුරු යාය දෙකක් හා මීරිගම ප්‍රදේශයේ යාය තුනක් නිරීක්ණයට ලක් කළ අතර මේ වන විටත් අස්වැන්න නෙළන ගොවීන්ගේ වගා බිමට ගොස් ඔවුන් සමඟ සුහද කතා බහක් ඇති කර ගන්නට ද කටයුතු කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුවද, රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවය. යල කන්නය සඳහා ගොවීන්ට ලබාදෙන පොහොර නියමිත ප්‍රමිතියට තිබිය යුතු බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට නිර්දේශ ලබා දී ඇති බැවින් ඊට අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා කීවේය. අද දිනයේ තමන් ගම්පහ දිස්ත්‍රික්කයේ කළ සංචාරය අනුව ගම්පහ වී ගොවීන්ට මහ කන්නයේ වී වගාවෙන් විශාල හානියක් සිදුව නැති බව ද අමාත්‍යවරයා කීවේය. මෙම නිරීක්ෂණ සංචාරයට ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් ද එක්ව සිටියහ.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

11,760 views

6 Comments to “වී අස්වැන්න අඩු වුවත් පාඩුවක් නැතැයි ගොවියන් කියති..”

  1. Lester says:

    Shit in pants and stinking everywhere. But still says no shit in pants. Most deplorable government ever to elect. However when considering the average iq in this country can’t expect better. Last yahapalanaya government was an exception.

  2. චන්ද දායක says:

    අපි ලේ පුච්චගෙන වැඩක් නැහැ . වහල්ලු ඉන්නකම් .

  3. Lotas says:

    Based on 2016 per capita consumption of 104.5 kg per annum, the annual national rice demand was 2.1 million MT which is equivalent to 3.2 million MT of paddy. After adjusting for seed paddy, processing, waste and other requirements, Sri Lanka needs to produce 4 MILLION MT of paddy to fulfill the above national demand.

  4. Man says:

    කාබනික වගාව සාර්ථක කර ගන්න පුළුවන්

Leave a Comment

Main News