වී අස්වැන්න බොල් වී වීමේ අවධානමක්… සේනා දළඹුවාදැයි ගොවීන් දැඩි බියකින්…

February 14, 2019 at 5:30 pm | lanka C news
වී අස්වැන්න බොල් වී වීමේ අවධානමක්… සේනා දළඹුවාදැයි ගොවීන් දැඩි බියකින්…

මෙවර මහකන්නයේ වී අස්වැන්න නෙලීමට ආසන්නව පවතින වවුනියාවේ වී ගොවිතැනට ගොයම් ගසේ වී බොල් වීමේ අවධානමක් වැළඳ ඇති බැවින් ඉරිගු වගාවේන් වී වගාවට සේනා දළඹුවා බෝ වී ඇත්දැයි යන්න පිළිබඳව බියකින් සිටින බවට  වවුනියාවේ ගොවීහු කියා සිටිති.

වවුනියාවේ ඇතම් කුඹුරු යායන්හි වී අස්වැන්න නෙලීමට ආසන්නව ඇතත් එම කුඹුරුවල පිහිටි ගොයම් ගස් වෙනත් පැහයක් ගෙන ඇති අතර ගොයම් ගසේ වී සියල්ලක්ම බොල් වී තිබෙන අයුරුත් ගොයම් ගස මුල සිට අජීවි වී ඇති බවක් දක්නට ඇති බවට වව්නියාවේ ගොවීහු කියා සිටිති.

එමෙන්ම මහකන්නයේ ගොවිතැන් කරන ලද වී අස්වැන්න වෙනුවෙන් වෙනත් කන්නයන්ට වඩා වාර කිහිපයක්ම කෘමිනාශක බෙහෙත් යෙදීමට සිදු වූ අතරම මෙවර වී අස්වැන්නට වෙනත් කන්නයන්හි නොදැක්ක බොහෝ රෝගකාරකයන් වැළඳී ඇති හෙයින් එය මැඩලීමට කෘමිනාශක වැඩි වැඩියෙන් යෙදීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි සේ අසරණව සිටින බවටද ගොවීන් පෙන්වා දෙයි.

ඉරිගු වගාවට වැළඳුනු සේනා දළඹුවා යම් හෙයකින් වී ගොවිතැනටද බෝ වුවහොත් වව්නියාවේ ගොවිතැන සම්පූරණයෙන්ම නවතින හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

මේ වන විටත් වී අස්වැන්නට බෝ වී ඇති විවිධ රෝගකාරකයන් හේතුවෙන් වී අස්වැන්නෙන් ලාබයක් ලැබීමට අවස්ථාවක් නොලැබෙන අතරම ගොවීන් ගොවිතැන් කිරීමෙන්ද ඈත් වීමේ අවධානමක් පවතින බවටද ගොවීහු වැඩි දුරටත් පෙන්වා දෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,944 Viewers
Main News