වී ගබඩා කඩා දමා වී තොග රජයට.. කැබිනට් අනුමැතිය ලැබේ…

March 17, 2021 at 10:00 am | lanka C news
වී ගබඩා කඩා දමා වී තොග රජයට.. කැබිනට් අනුමැතිය ලැබේ…

වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ගොවින් නොවන වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ගේ වී තොග රජයට පවරා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා පැවැසීය.

වී තොග සඟවාගෙන සිටින ගබඩා කඩා දමා එම වී රජයට පවරා ගන්නා බව ද ඇමතිවරයා කියා සිටියේය.

ගොවීන්ට සහ වී මෝල් හිමියන්ට තම වී තබා ගැනීමට ඉඩ ලබා දෙන නමුත් අතරමැදියන් වී සඟවාගෙන සිටින්නේ නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

ඒ සදහා වැඩපිලිවෙලක් සැකසීමට කැබිනට් මණ්ඩලය වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ඇමති මහින්දානන්ද මහතා සඳහන් කරන්නේ මෙවර මහ කන්නයේ දීද විශාල වී අසවැන්නන් ලැබීමට නියමිත බවත් දැනට රටේ සහල් අතිරික්තයක් පවතින බවත්ය.

මේ තත්ත්වය මත ඉදිරි මාස 6ක කාලය තුළ කිසිසේත්ම සහල් මිල ඉහළ යා නොහැකි බවත් රට තුල දැනට ක්‍රියාත්මක වන සහන මාෆියාවක් බවත් ඔහු පැවසීය.

34,517 views

13 Comments to “වී ගබඩා කඩා දමා වී තොග රජයට.. කැබිනට් අනුමැතිය ලැබේ…”

  1. Unlimited Fun says:

    Unlimited Fun

  2. හැකහැක says:

    ගබඩා කැඩිල්ල කෙසේ වෙතත් කට්ටියම රෙද්ද කඩාගෙන දඟලනවා කියලා රටම දන්නවා.

  3. lotus says:

    සල්ලිකාරයන් සමග හැප්පෙන්නට හැකි වුවත් උන්ට කඩේ යන මෝඩ වන්දිභට්ටයන් සමග හැප්පෙන්නට අපට නොහැක. ඒ සත්‍යය හෝ නීතිය තේරුම් ගැනීම උන්ගේ අවශ්‍යතාවය නොවන බැවිනි.

    • ගිරවා says:

      සහන මාෆියාව සදහටම අපේ රටින් තුරන් කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමයි …ඒ ගැන අපි රජයට ස්තුති කරමු
      රටේ ආර්ථික දියුණුවට බදා කරන නරුමයින්ට දඩුවම් දිය යුතුයි

  4. රන්වල says:

    දැන් මේ කාවද රවට්ටන්නෙ මෝඩ බයියොන්ව එකසිය හතලිහක් දීල හාල් කිලෝවක් ගන්න බයිය දුක් වෙනව නොවැම්බර් දහනමය කිරිබත් කාපු එකට උන්ගෙ දුක තුනී වෙන්න අඩන ලමයි නලවන්න කියන කතා මේව.ඩඩ්ලි සිරිසේන ලග දෙකට තුනට නැමිල වැද වැටුනු සර්ගෙ ගෝලය මතකනෙ.මේ කතා අහල හොදම විනෝදයක් ගන්නව ඇත්තෙ උන්දැ

  5. Darshana abayakoon says:

    ඔන්න ඉතින් හාලුත් සීනි වගේ අත්යාවශ්ය ද්‍රවියක් වුනා සීනි වලට කරා වගේ බද්ද අඩු කරල නැව් ගනන් ගෙනල්ල දෙන්න තිබ්බා.

  6. බන්ඩා says:

    සීනි මිල අඩු කරන්න සීනි බදු අඩු කලා වගේ වෙය්ද දන්නෙ නැහැ. 🤩

  7. ජොනී says:

    ඉන්දියාවෙන් ගෙනල්ල කන්නකෝ සුදූ. දැන් ඩොලර් එක200යි නෙ. ගබඩා කඩ කඩ ඉන්නෙ

  8. Sarath Bulathsinghala says:

    There must be a law against hoarding. Food is not something with which unscrupulous businesmen should be allowed to scuttle the national endeavor to feed the people. The paddy bought should keep moving from farmer to Miller to vendor n consumers in a steady stream. Anybody who hoards should be dealt with harshly especially at a time like Covid-19!

  9. අගමැති සීයා says:

    කැළණි සාපෙ.
    මකැබවිල පලයව්. කාලකන්නි හැත්ත.

  10. oba says:

    කඩන්නේ තෝරාගත් අයගේ ගබඩා විතරයි. මන්ත්‍රී ගොල්ලන්ගේ ගබඩා කඩන්නේ නැහැනේ.

Main News