වී ගොවිතැනටත් සේනා දළඹුවා පැතිරීමේ අවධානමක්..
January 26, 2019 at 8:02 am | lanka C news
නුවරඑලිය ගිනිගත්හේන අඹගමුවේ බඩ ඉරිගු වගාවක ව්‍යාප්ත වි සිටි සේනා දළඹුවන් හමුවි අැත.
අඹගමුව ප්‍රදේශයේ අක්කර 1 ½ පමණ භුමි භාගයක වගා කර තිබු බඩ ඉරිගු වගාවකට මිට දින කිහිපයකටම ප්‍රථම සේනා දළඹුවන් පැති සිටි බව එම බඩ ඉරිගු වගාවේ අයිතිකරුවන ජි.ඩි.දයාසිරි මහතා පවසයි.
බඩ ඉරිගු ගස්වල පැතිර සිටින සේනා දළඹුවන් දිනපතා ඉවත් කරන බවත්, බඩඉරිගු වගාව ආරක්ෂා කැ ගැනිම සදහා දිනපතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් නිර්දේෂ කර තිබෙන අළු යොදවන බව ජි.ඩි.දයාසිරි මහතා කියා සිටියි.
එම බඩ ඉරිගු වගාව අසලම වි ගොවිතැන සහ එළවළු වගාව සිදු කරන බවත්, එම වි ගොවිතැනට සහ එලවළු වගාවටද සේනා දළඹුවන් ව්‍යාප්ත විමේ අවධානමක් පවතින නිසා වගාවන් තුනම ආරක්ෂා කර ගැනිම දැඩි කැපවිමක් සිදු කරන බව ඩි.ජි දයාසිරි මහතා කියයි.
තම බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවන් පිලිබදව කෘෂිකර්ම නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත් වු බවද ජි.ඩි දායසිරි මහතා පැවසීය.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට හැටන් රුවන්පුර, නුවරඑලිය වලපනේ තෙරිපැහැ සහ ගිනිගත්හේන අඹගමුවෙන් මේ වන විට සේනා දළඹුවන් සොයාගෙන ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
සුළඟ හරහා ISSELLAMA AWE AMPARATADA? සුළඟ හරහා AWANAM ISSELLAMA HAMBAWENNA ONI NORTH WESTERN AND NORTH PROVINCES WALIN.
ASK FROM QUARANTINE OFFICE HOW THEY CAME? කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් PLEASE FIND SEED MAFIA
.
QUARANTINE OFFICE SHOULD RESPONSIBLE FOR THIS. DON’T SAY NONSENSE……DON;T SELL SRI LANKA FOR BRIBERY MONEY
මිත්‍රවරුනි, මා අසා දැනගත් පරිදි කතාව මෙසේය. මෙය වැරදි නම් නිවැරදි කරන්න.
1.) බීජ ආනයනය කරණ සමාගමකින් දලබු බිත්තර සහිත බඩ ඉරිගු බීජ ටොන් ගණනක් ගෙන්වා, එය හසුවී, විනාශ කිරීමට නියම වුනා.
2.) නමුත් කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ නියෝග මත මේ බීජ තොගය නිදහස් කරා.
3.) නිදහස් කිරීම නිසා දලබුවා රට තුලට පැතුරුන බවට ජනතාවට ආරංචි වුනා.
4.) මේක මිනිස්සු දැනගත්ත ගමන් කෘෂිකර්ම අධ්‍යක්ෂක මාධ්‍ය සාකච්චාවක් තියලා සේනා සලබයා රට තුලට ආවේ සුළග මගින් කියලා කියන්න පටන් ගත්තා.
දකුණු ඉන්දියාවේ සිට සුළග හරහා ආවා නම් ඉස්සෙල්ලාම එන්න තිබ්බේ යාපනයට.
නමුත් සේනා මුලින්ම වාර්තා වුනේ අම්පාරේ.
සුළග හරහා සේනා එනවා ගුවන් හමුදාවේ රේඩාර් වලට හෝ කිසිවකුගේ පරීක්ෂණයකට හසු වී නැත.
බීජ සමාගම් වල මුදලට යටවී කෘෂිකර්ම අධ්‍යක්ෂක මුළු රටටම විනාශයක් ගෙන දුන් මගේ නිගමනයයි.
සේනා දළඹුවන් සඳහා වෙනම වී වගාවක් කිරීම සුදුසු බව යෝජනා කරමි . ඒ ගැන සේනා දළඹුවන් දැනුවත් කිරීම සදහා වැඩ පිළිවෙලක් ගැන සකච්චා අරඹා ඇත.
සේනා දළඹුවා ගැන අප මීට පෙර දැන සිටියේ නැත.එසේ වුවද මෙම දළඹුවා ඇති වී ලෝකයේ ව්‍යාප්තිය බොහෝ කල්ය. උතුරු ඇමරිකානු රටවලින් ආරම්භ වී 2016 අප්‍රිකානු රටවල් 28 ක ප්‍රබල ලෙස ව්‍යාප්ත වූ සේනා දළඹුවා 2018 දී ඉන්දියාවේ ද ව්‍යාප්ත වී ඇත. CABI (Center for Agricultural and Bioscience International ) වාර්තා අනුව සේනා දළඹුවා ශාක විශේෂ 80 ක් පමණ ආහාර කර ගන්නා අතර බඩ ඉරිඟු ,,සෝයා ,වී (සහල්) ,උක්,සියලු එළවළු ,කපු වගාවන් ගොදුරු කර ගැනීමෙන් ලෝක ආහාර නිශ්පාදනය සහ ආර්ථිකය (ඒ ආශ්රිත ) විශාල පසු බෑමකට ලක් වීමත් අප්‍රිකානු රටවල ආහාර අහේනිය ,මන්ද පෝෂණය උග්‍ර අතට පත් වීමත් සිදු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය (FAO) මෙය පාලනයට විශාල ලෙස අරමුදල් යොදවා ඇත. මේසා භයානක ,විනාශකාරී සේනා දළඹුවා පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු වගකිවයුතු නිලධාරීන් හා අමාත්‍යංශ නිළධාරීන් නිසි අවධානයට ලක් නොකර වගකීමෙන් බැහැර වූවන් සේ ක්‍රියා කර ඇත. මෙය ළිං මැඩියන්ටත් අන්ත තත්ත්වයකි. ගොවියා මේවා ගැන දන්නේ නැත. ගොවියන්ගේ අවධානය තම වගාව ගැනය. ගොවියා දැනුවත් කර පූර්ව සූදානම වග කිවයුත්තන් අතේය. ඉන්දියාව මෙයට (යම් පමණකට) සාර්ථකව මර්දනය කර ඇත . ඒ වගා බිම් විනාශ කිරීමෙනි. නිද්‍රාශීලිව, ළිං මැඩියන්ටත් අන්ත ලෙස වගකීමෙන් තොරව පඩි පත අතට ගැනීම පිළිබඳව හෘද සාක්ෂිය ලැජ්ජා විය යුතුය.
තීතයේදී අපේ මුතුන්මිත්තන් කෘමි නාශ නොගහා කෘමි පාලනය කලේ වවුලන් හා කුරුල්ලන් මගින්. ඒ සදහා ගෙවීමක් ලෙස වවුලන්ට ජිවත් වීමට වගාව අසල මී ගසක් ලබා දුන් අතර කුරුල්ලන්ට කුරුළු පාළුව කියා කුඩා කුබුරු කොටසක් ආහාර සදහා වෙන් කළා.
කෘමින් පමණක් ආහාරයට ගන්නා, වගාවට හානි නොකරන වවුල් විශේෂ බර ගානක් ලංකාව තුල බෝ කල හැකියි. මේ වවුලන් මගින් සාර්ථකව මෙය පාලනය කල හැකියි. ඇමෙරිකාව ඇතුළු තර්ජනයට ලක්වූ කිසිම රටකට කෘමිනාශ මගින් මේ උවදුර නවත්තන්න හැකි වෙලා නෑ.
නමුත් කෘෂි රසායන සමාගම් වල සාක්කුවට වැටුණු කෘෂිකර්ම බලධාරීන් මෙවැනි වැඩපිළිවෙලට යොමු වෙයි කියා සිතන්න අමාරුයි.
ගොවි සංවිධාන එකතු වෙලා මෙය කල යුතුයි. මීමැසි පෙට්ටි මෙන් වවුල් පෙට්ටි සැදීම ඇමෙරිකාවේ කරනවා. අන්තර්ජාලයෙන් ‘bat box’ කියා ගැසූ විට මේවා හදන ආකාරය බලා ගත හැකියි.
මේ මුසල කාලකන්නි රජය ඉක්මනින් පලවා හරිමු