වී ගොවින්ගේ මහ කන්නය කපෝතියි.. මුලු රටේම වී නිෂ්පාදනයට පාඩුවක්…

December 14, 2016 at 12:40 pm | lanka C news
වී ගොවින්ගේ මහ කන්නය කපෝතියි..  මුලු රටේම වී නිෂ්පාදනයට පාඩුවක්…

‘මාදුරුඔය ජලාශය දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා ඉදිකලේ යල-මහ කන්න දෙකෙහිම මහවැලි ගොවින්ගේ වී ගොවිතැන පෝෂණය කරන්න කුඹුරුවලට වතුර දෙන්නයි. ඒත් මේ සැරේ මහවැලි B කලාපයට වතුර දෙන්නේ එයින් හරියටම භාගෙකටයි. මේක අපිට වගේම මුලු රටේම වී නිෂ්පාදනයට පාඩුවක්. මහවැලියේ නිසියාකාරව ජල කලමනාකරණය කලානම් අපිට මේ මහ කන්නයේ සම්පූර්ණයෙන්ම වී වගා කරන්න තිබුණා’ මෙසේ ප්‍රකාශ කර සිටියේ මෙවර මහ කන්නයේ ජල හිගයෙන් බැටකන වී ගොවින් වෙනුවෙන් කතා කල පොලොන්නරුව දිබුලාගල 503 කලාපයේ දිවුල් දමණ ගොවි සංවිධානයේ සමාජික ජයසිරි බණ්ඩාර සහ සෝමදාස ෆොන්සේකා යන ගොවි මහතුන්ය.

‘මහවැලි බී කලාපය යටතේ වැව් 65 ක් තිබෙනවා. මේ වැව් සේරම පාසි, හම්බු, තුන්හිරියාවලින් වගේම එක එක ජලජ පැලෑටිවලින් පිරිල. ඉතිං වැව් ගොඩවෙලා. යායට ඕන වතුර ටික වැවේ රඳවා ගැනීමට බැරි තත්ත්වයට පත්වෙලා. වැව් නඩත්තු කරන්න මහවැලියට වැඩ පිළිවෙළක් නැහ මෙහෙම ගියොත් ඉදිරියේදී වැවකින් අක්කර 50 ක් 60කට වඩා වී වගා කරන්න වතුර ටික රදවා ගන්න බැරිවේවි.

මහවැලිය මේ සැරේ කුබුරෙන් 50% ක් වී වගා කරන්න කීවට පස්සේ අපි වී වගා කරලා ඒ සීයයට 50% ත් වතුර නැති වුනොත් අපිට කවුද අලාභය ගෙවන්නේ යයි’ එම ගොවි සංවිධානය තවදුරටත් ප්‍රශ්න කලේය.

මේ වනවිටත් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය භාරව කටයුතු කරන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිනි වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වන අතර එහි නියෝජ්‍යා අමාත්‍යවරයා අනුරාධ ජයරත්න වන අතර අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන්නේ උදය ආර් සෙනවිරත්න මහතායි.

253 views
Main News