වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..

October 24, 2021 at 10:40 am | lanka C news
වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..

රසායනික පොහොර භාවිතා නොකර කෘෂිකර්මාන්තයේ යෙදෙන ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකාව ලෝකයට හඳුන්වා දිය හැකි නම් එයම සංචාරකයන් ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ හරහා මෙම ඵලදාවන්ට හොඳ වෙළෙඳපොළක් හදාගත හැකි වන බවද ඒ මහතා සඳහන් කළේය.

විදේශීය විනිමය වැඩි කර ගැනීමේ හැකියාවද එමගින් ඇතැයි ද ජනාධිපතිතුමන් පැවසීය.

අද රුපියල් 50 ට ඇති වී සහතික මිල රුපියල් 150 දක්වා ඉහළ නැංවිය හැකි වනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා තම අරමුණ එය බවත් එය ඉලක්ක කර ගත යුතු බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ උඩුබද්දාව බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට ඊයේ දින එක්වෙමිනි.

38,697 views

33 Comments to “වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..”

  1. Love nature says:

    රසායනික පොහොර ප්‍රතිවිපාක

    රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට විශාල ලෙස හානි පමුණුවමින් පවති. රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කිරීමේ ප්‍රධාන හේතුවක් ද වී ඇත්තේ මෙය බව පැහැදිලිය. දිගින් දිගටම රසායනික පොහොර භාවිතයෙන් විෂ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් කුස තුළ වැඩෙන කාලයේ සිට ඉපදෙන දරුවා දක්වා බලපෑම් කර තිබේ. පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව ඉහළ යමින් පවති. 2020 වර්ෂයේ දී පිළිකා රෝගයට ගොදුරු වූ ගණන 29,604ක් ලෙස හඳුනාගෙන ඇති අතර 2020 වර්ෂයේ දී පිළිකා රෝගය නිසා මරණ 16,691ක් සිදුවී තිබේ. අනෙක් අතට වගා බිම් වලින් පිරිසුදු ජලයට නිකුත් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වකුගඩු රෝගීන් ද දිනෙන් දින ඉහළ යමින් පවති. රටේ ශ්‍රම බලකාය රෝගාබාධවලට ගොඳුරු වීම අනාගතයේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. ඒ තුළින් රටේ ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවක් නිර්මාණය කිරීමට බලපෑම් එල්ල කරනු ලබයි.

  2. Love nature says:

    Chemical Fertilizer:

    As chemical fertilizers are composed chemical substances so they have lots of detrimental effects on human health as well as environment.
    1. The dust of chemical fertilizers pollute air during application in the field and creates problem while taking breath, skin and eye irritation etc.
    2. Water becomes polluted through the runoff of chemical fertilizers, and ultimately we become sick by drinking of this polluted water.
    3. Excessive use of chemical fertilizers may toxic to the soil, plant , water and microbes in soil.

    • Gamaraala says:

      The answer is not a complete ban but to educate the Farmers how to use agro chemicals correctly and ensure compliance.

  3. Rajith Abeywickrema says:

    Fully agreed
    But should implement step by step

  4. Patriot says:

    Easiest thing in the world is criticis because u don’t have to do anything or do anything. People of Sri Lankan are very good at this. President said many things but just hang on one word make many comments. Compared other presidents he is trying do something right. Unfortunately our people as usual think it is joke. How the helll we as a nation go forward or to develop nation. If we miss this opportunity we will regret many years to come. Then it will be too late.

  5. Dharshana Abeykoon says:

    Methana comments daala thiyena godak ewun Janadhipathi media unit eke katu kana Ballo set eka Kings li ge wada ,

  6. Banda says:

    Nodaķin una vage meeeeharakek

  7. Kumara says:

    මූට පිස්සු. 150 ට වී අරගෙන හාල් කීයට දෙන්නද?

  8. මාත්‍රෲහූමීයේ ආරකෂාව අහිවෘධ්ධිය සඳහා කටයුතු කරනු..! ,.! says:

    පරීක්ෂණ නීරීක්ෂණ මත සොයාගන්නා ලද ඛණිජතෙල් ගෑස් නොමැත යයි පවසනා පුද්ගලයන් වංචනිකයන් බව අවබෝධ කර ගත යුතුයි.! රාජ්‍යයේ ඛණිජ සම්පත් අමෙරිකාව සමග එකතුවී කොළ්ළකැමට කූඨ ළෙස කැස කවනා වංචනිකයන් හඳුනා ගත යුතුයි.! උදය ගම්මන්පිල වංචනික පාළකයන් ගේ ග්‍රහනයන් මිදී ජාතික සම්පත් රුකීම සඳහා ස්වාධීන ශ්‍රජු අවංක තීන්දු තිරන වහාම ගත යුතුයි,.! පොරොන්දු කඩකරන ළද වංචනික රාජපක්‍ෂ පරපුර පිළිබඳව කිසිඳු විශ්වාශයක් කිසිසේත් ම නොතබා මාත්‍රෲහූමීයේ ඒකායන ආරකෂාව අහිවෘධ්ධිය සඳහා කටයුතු සිදු කළ යුතුයි,.!

  9. samantha says:

    ඒ ගානට හාල් අරගෙන බත් කන්න පාරිභෝගිකයාට ආදායම් මාර්ග හදල තියෙනවද? ගොවියට වැඩි මිලක් දෙන එක හොඳයි. ඒත් එක්කම දුප්පත් මිනිසුන්ට බත් කන්නත් ඒ ගමන්ම ආදායම් වැඩි කරන ක්‍රමවේදත් අවශ්‍යයි නේද ?

Main News