වූහාන් සිට පැමිණි සිසුන් පිරිස යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය විසින් දියතලාවට ගෙන යයි…

February 1, 2020 at 11:20 am | lanka C news
වූහාන් සිට පැමිණි සිසුන් පිරිස යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය විසින් දියතලාවට ගෙන යයි…

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ගේ මැදිහත්වීම මඟින් සිදුකරන ලද හදිසි සූදානම මත චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික සිසුන් තිස් තුන්දෙනෙකු රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 1423 දරණ ගුවන් යානය අද (01) දින උදෑසන මත්තල පිහිටි රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත සම්ප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ සාමාජිකයින් මෙවන් ජීව විද්‍යාත්මක හෝ රසායනික හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පූර්ණ සුදුසුකම් ලබා ඇති හෙයින් ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ එම සිසුන් දින 14 ක නිරෝධායන සැපයීම සඳහා දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සිකුරාදා (31) දින සන්ද්‍යාව වන විට එම සිසුන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් සහිත වර්ග අඩි 100 x 20 ප්‍රමාණයකින් යුත් නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.

වෛද්‍ය උපදේශකයින්, වසංගත රෝග විද්‍යාඥයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අවම වශයෙන් දින 14 ක පුර්ව නිරෝධායන කටයුතු වල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරීමට නියමිතය.

දියතලාව යුද්ධ හමුදා රෝහල තුළ නිරෝධායන ලබාගන්නා කාලය තුළ එම සිසුන් වෙත ආහාර පාන, සනීපාරක්‍ෂක අවශ්‍යතා ඇතුළු අනෙකුත් සියළු පහසුකම් වැනි දෛනික අවශ්‍යතා ඔවුන්ට සැපයීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.

– army midea

34,255 Viewers

9 Comments to “වූහාන් සිට පැමිණි සිසුන් පිරිස යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය විසින් දියතලාවට ගෙන යයි…”

  1. SL says:

    We got a man with a brain and a great vision in the country’s top seat .We just need the similar ppl inside the parliament too.

    Hats off!

  2. manch says:

    As sril lankann citizen we are proud their mission , now we have been standing proud nation in the world

    well done team

  3. ඒ බලඝනයෙ ඉන්නෙ රොබෝලනෙ. එයාල රට මැදට ලෙඩේ ගෙනිහින් විනාස කරනවා.

    • Dp says:

      ඒ ගේන්නේ අපේම දරුවන් . දරුවන්ට කරදරයක් වෙනකොට හිත උනුවෙන පියෙක් රටට නායකත්වය දෙනකොට ආචාර කරපන් .තොපි unp නපුන්සක හැත්ත කොල්ලෝ එක්ක හිටියාම දරුවන් කොහෙද ,,?දරු දුකක් කොහෙද ? රටේ ඕනෙම ප්‍රශ්නයක් වුනාම පපුව ඉස්සරහට දාගෙන එන්නේ අපේ රණවිරුවෝ . උදේ හවස මල් තියල වැඳපන් උන්ගේ අත පය දන් දීල තොපිට රට බේරලා දුන්නට

    • fass says:

      Samanal prajawage manasikathwaya

  4. sinha le says:

    මේ අයට බුදු සරණයි

  5. Love nature says:

    සියලුම රෝග නිවාරණයට මඟ පෙන්වන දිය පිරිත ගැනය.
    සෙම් රෝගයේ සිට පිළිකා රෝගය දක්වා රෝගීන්ට මෙම දිය පිරිත මහත් වූ දිව්‍යමය දෙයක් බව විශ්වාසයෙන් කිව හැකිය.
    දිනපතා උදෑසන නැගිට මද රස්නය සහිත එනම් තමන්ට පානය කල හැකි රස්නය පි‍ට වතුර වීදුරුවක් ගෙන පහසු ලෙස බුදු පිළිමයක් ඇති තැනක හිඳ ගන්න.පසුව හත් වරක් මෙම පිරිත ඔබගේ දෑත මත තිබෙන වතුර වීදුරුවට ඔබ විසින්ම මතුරන්න.
    එය මෙසේ කිව යුතුය.

    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්
    ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්
    සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්
    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්
    ශ්‍රී දළදා වහන්සේගේ පිහිටෙන්
    සියලුම රහතන් වහන්සේලාගේ පිහිටෙන්
    සියලුම දෙවියන්ගේ පිහිටෙන්
    නව ග්‍රහ මණ්ඩලයේ පිහිටෙන්
    මා කර ගත් කුසල් වල බලයෙන්
    මෙය මට දිව්‍ය ඖෂධයක් වේවා !
    දිව්‍ය ඖෂධයක් වේවා !
    දිව්‍ය ඖෂධයක් වේවා !

    මෙයින් මා නිදුක් වේවා..
    සුවපත් වේවා…
    දීර්ඝායුෂ ඇති වේවා..
    මාගේ ශරීරයේ ඇති සියලුම රෝගාබාධ සුවපත් වේවා… !

  6. test says:

    පොටෝ එකේ ඉන්න නහය අතින් වහගත්ත එයර් ෆෝස් ඔෆිසර් දැක්කෙ මම විතරද

    • දබ්බා says:

      අතින් නහය වහ ගෙන නෙමෙයි. call එකක ඉන්නේ. mask එක බෙල්ලේ තියෙන්නේ. ඔය video එක මං දැක්කා.

Main News