වෙඩිතැබීමකින් අයෙක් මියයයි.. දෙදෙනෙකු අත්අඩංගුවට…

February 7, 2020 at 12:40 pm | lanka C news
වෙඩිතැබීමකින් අයෙක් මියයයි.. දෙදෙනෙකු අත්අඩංගුවට…

මුලතිව් මාන්කුලම් පාලෙයිපාණි ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු අද (07) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව මාන් කුලම් පොලීසිය පවසයි.

මිය ගිය පුද්ගලයා ගොවියෙකු වන අතර ඔහු යතුරුපැදියෙන් ඊයේ (06) දින කුඹුර වෙතට යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදු කොට ඇති අතර බෙහෙත් කොටන තුවක්කුවක් උපයෝග කොට ගෙන මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවට තොරතුරු වාර්ථා වෙයි.

අදාල වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදු කරන ලද ඝාතනයක් බවටත් වෙඩි තැබීම සිදු කරේ යැයි සැක පිට පුද්ගලියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණය වෙතට යොමු කිරීමට මාන්කුලම් පොලීසිය පියවර ගෙන ඇත.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකු වූ පාලයියා පාල්රාජ් නැමත්තෙක් බවට හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,178 Viewers

One Comment to “වෙඩිතැබීමකින් අයෙක් මියයයි.. දෙදෙනෙකු අත්අඩංගුවට…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News