වෙඩිවැදී මරණාසන්න ඇතෙකුගේ දිවි බේරාගන්න දැඩි වෙහෙසක්.. සංඝරත්නයෙන් සෙත්පිරිත්ද කියයි…

May 15, 2021 at 8:40 am | lanka C news
වෙඩිවැදී මරණාසන්න ඇතෙකුගේ දිවි බේරාගන්න දැඩි වෙහෙසක්.. සංඝරත්නයෙන් සෙත්පිරිත්ද කියයි…

වව්නියාව කනගරායන්කුලම් පුදූර් රක්ෂිතයේ කැලෑවක තුවාල ලබා ඇති දළ ඇතෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

මෙම දළ ඇතාගේ පසුපස පාදය දැඩි ලෙසින් තුවාල වීම හේතුවෙන් ඇතාට ඇවිදීමට නොහැකිව වතුර වලක වැටී සිටින අතර එලෙස තුවාල වීඹට හේතුව වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටියි.

දින දෙකක පමණ කාලයක් දළ ඇතාට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී ගිරිධරන් මහතා ඇතුලු වව්නියාව වනජීවි නිලධාරීන් විසින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ කටයතු සිදු කිරීමට පියවර ගන්නා ලදි.

මේ අතර දළ ඇතාගේ පාදය ඉක්මනින් සුව වී ජීවිතයට හානියක් නොවී ඇවිදීමට ශක්තිය ලැබීම සඳහා වව්නියාව මඩුකන්ද ශ්‍රීදලදා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුවඇටගම ආනන්ද හිමියන් සහ පූජ්‍ය ළිඳවැවේ අමරජෝති හිමියන් විසින් දළ ඇතා වැටී සිටින ස්ථානයට ගොස් පිරිත් සජ්ජායනයක්ද සිදුකරන ලදි.

ඊට අමතරව දළ ඇතාට ආහාරපානාදිය මෙන්ම දළ ඇතාගේ ආරක්ෂාව සඳහා කනගරායන්කුලම් යුද හමුදා නිලධාරීන්ද සහය ලබා දෙනු ලබයි.

අඩි දෙකක පමණ දිගින් යුතු දළ සහිත මෙම දළ ඇතාට අවුරුදු 12 ක් පමණ වන අතර උසින් අඩි 7 කට ආසන්න වෙයි.

දළ ඇතා මෙම ස්ථානයේ වැටී ඇතිබවට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් දැක ඒ බව වනසංරක්ෂණ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව වව්නියාව වන ජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,413 views

13 Comments to “වෙඩිවැදී මරණාසන්න ඇතෙකුගේ දිවි බේරාගන්න දැඩි වෙහෙසක්.. සංඝරත්නයෙන් සෙත්පිරිත්ද කියයි…”

  1. අපේ වනසතුන් ආරක්ෂා කරගමු ! says:

    අපි කරන දේවල් තමා අපි පසු පස එන්නේ. එකට ආගම් ජාති භේද යක් නැහැ. මේවගේ තිරිසන් වැඩ කරපු උන් තමයි පාරවල් වල යනකොට හැප්පිලා අත පය නැතුව ජීවිතේ දුක් විදින්නේ. බහුතරයක් බෞද්ධ රටේ කර්මය සහ පල විපාක ගැන අබමල් රේණුවක දෙයක් නොදත් ගෝත්‍රිකයෝ ඉන්නේ.
    මේ ස්වාමින්වහන්ස ට දළඳා සමිදු ආරක්ෂාව පතනවා. ඒ වගේම මේ ඇතාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

    • පොඩි එකා says:

      ඒකා කලිං ආත්මෙක කොරපු කරුමෙයක් තමා තිරිසං අපායෙ ඉපදිලා ඒ ඇතා ගෙවන්නෙ. තොට ඒක පේන්නෙ නැතෙයි? ”
      “කුරා කූබියෙකුටවත් හිරිහැරෙයක් නොකරපු ඇත් රාජයා ට සෙත් පතන උතුම් සංගර්ත්නෙ ” කියන සංඤාව අරගෙන නහින්ට හදන්ඩ එපා බං.

      කොරපුවා නෙවෙන්නං ඔය ගෙවන්නෙ හැමෝම.

      • පුත්තලම් පූට්ටු බයියා says:

        හැමෝම ගෙවන්නේ කොරපුව තමා. නැතුව වෙන කෙනෙක් කොරපුවා නෙමේ. තොපි මොලේ නැති හරක් කියලා බුදු හාමුදුරුවෝ මොනව කරන්න ද ? හරක් ඉන්නත් එපැයි කරත්තෙ ගැට ගහන්න.

    • Love nature says:

      වව්නියාවේ ඇතුන් මරා දළ ගැනීම වැඩි වී ඇත …මේ නරුම මිනිසුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි …ඇතාට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ..යහපාලන කාලයේ ඇතුන් මැරීම පටන්ගත්තා තාමත් එය නතර කරලා නැහැ ..මේ ගැන රටේ පාලකයින්ගේ අවධානය යොමු වේවා …අපේ රටේ ජාතික සම්පතක් වූ අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව නීති පනත් ඇති කල යුතුයි

  2. සත්ව හිංසාව පිටුදකිමු says:

    දම්වැල් දමලා අලි ඇතුන්ව බලහත්කාරයෙන් බැඳගෙන පෙරහැරට ගන්න ගමන් වෙඩි කාපු අලියන්ට සෙත් පිරිත් කියනවා..
    ඉරණම් දෙකක්… උතුම් ශාස්තෘවහන්සේගේ ලෝකෝත්තර දහමට කාලයාගේ ඇවෑමෙන් සිද්ධ උනු විපතක් !

    • පොඩි එකා says:

      හරියට හරි.
      මසුරං කියුම.

      ඔය ඇතාව උනත් අල්ලලා පන්සලේ ගහේ බඳලා දුන්නනං බලන්ඩ තිබ්බා පිරිත කියන හැටි

      • LION says:

        පොඩි එකා ,උබලා වගේ කාලකන්ණි තමයි අපේ රටේ සතුන් මරන්නේ …උබලා වගේ නරුමයින් අපේ රටේ ඉපදීම සාපයක්

      • හෙළයා says:

        හජ්ජි සදහා දහස් ගනන් සතුන්ගේ බෙලි කපන කාලකන්නින්ට වෙඩි වැදුණු අලි ගැන දුකක් නැත

  3. බුදු අම්මෝ නිදන් හොරා ආයිත් වැඩ පටන් අරගෙන. රට වැසියනී පරිස්සමෙන්.

  4. වයි දිස් කොලවෙරි says:

    දෙවුදත් තෙරටත් සිවුරු තිබුනා. නමුත් ඔහු මාර්ගපල නොලැබූ බැවින්, කිසි විටෙකත් ඔහු සන්ඝ තත්වයට පත් වුනේ නෑ.

  5. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් ! says:

    හොඳ වෙලාවට උන්නාන්සෙට හිතුනෙ නැත්තේ ලවුඩ්ස්පීකර් තුන හතරක් බැඳලා මහ හයියෙන් රතන සූත්‍රය දමන්න

    • sunimal says:

      ලවුඩ්ස්පීකර් දාගෙන දවසට 5 පාරක් හදට වදින හැටි මතක් වුනාද බූරුවෝ පලස්තීනයේ ගිනි ගන්නේ උබලගේ ආගමේ බලය වැඩිවෙලා

  6. Boris says:

    What an ignorant country & its people

Main News