වෙඩි තබා, කපා කොටා මරා දමයි..

December 30, 2018 at 8:40 am | lanka C news
වෙඩි තබා, කපා කොටා මරා දමයි..

ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේ තිස් එක් හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු වෙඩිතබා කපා කොටා ඝාතනය කර ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය  පවසයි.

ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය ප්‍රදේශයේ කුඹුරු යායක පාලු පොල් ඉඩමක තිබී ඔහුගේ සිරුර සහ තිරෝද රථය ගොවියෙකුට හමුවීමෙන් පසුව පොලීසිය දැනුවත් කර ඇත.

වෙනත් ස්ථානයක දී වෙඩි තබා කපාකොටා ඝාතනය කර ඔහුගේත ර්‍ත්‍රරෝද රථයෙන් මෙම පාලු පොල්වත්තට ගෙනැවිත් දමන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් ප්‍රකාශ කරයි.

මියගිය පුද්ගලයා පළමු විවාහය අත්හැර තවත් විවාහයක් කරගත් පුද්ගලයකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

28 රාත්‍රී 9.30 ට පමණ ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණු  පසු තීරෝද රථයෙන් ගිය බව ඔහුගේ මව  පොලීසියට පවසා ඇත දුරකතන ඇමතුම ඔස්සේ පරීක්ෂණ පවත්වන බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

ඇඹිලිපිටිය වඩබලන මහේස්ත්‍රාත් නිරොෂන ගමගේ මහතා මරන පරික්ෂනය පැවැත්වූ අතර පස්චාත මරණ පරීක්ෂනය සදහා සිරුර  ඇඹිලිපිටිය දිසිත්‍රික් මහ රෝහල වෙත රුගෙන යනු ලබයි.

– ජයන්ත නානායක්කාර

8,914 Viewers
Main News