වෙඩි තැබීමක්.. අයෙකුට බරපතලයි..

October 22, 2017 at 6:48 pm | lanka C news
වෙඩි තැබීමක්.. අයෙකුට බරපතලයි..

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද (22) සවස තරුණයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අරියාලෙයි රා තැබෑරුම මන්සන්ධියේදී අදාල තරුණයා පයින් යමින් සිටි අවස්ථාවේදී එක් වරම මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු විසින් යතුරු පැදියකින් පැමිණ එකවරම පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇති බවට තුවාල ලැබූ තරුණයා විසින් පොලීසිය පවසා ඇත.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ යාපනය අරියාලෙයි උදයපුරම්හි පදිංචි 27 හැවිරිදි වින්දන් රිද්මන් නැමති තරුණයෙකු වන අතර එම තරුණයාගේ පපුව හා වම් අත යාවන ස්ථානය ආසන්නයට වෙඩිපහර එල්ල වී ඇති අතර වෙඩිපහර එල්ල වන අවස්ථාවේදී එම් ස්ථානයේ කිසිවෙකුත් නොසිටීම නිසා වෙඩි පහර කෑ තරුණයා වෙඩි තැබීමත් සමග අසල පිහිටි රා තැබෑරුම දෙසට දිව ගොස් දිවිි බේරා ඇති අතර වෙඩි තැබූ යතුරුපැදිය පලා ගොස් ඇත.

වෙඩි තැබූ පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අදාල වෙඩි තැබීම සිදු කළ පිරිස් සොයා යාපනය පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

125 views

One Comment to “වෙඩි තැබීමක්.. අයෙකුට බරපතලයි..”

  1. ගව මහීෂ සේනානායක says:

    අවුලක් නෑ, උතුරේ කොල්ලෝ ටිකක් ‍රැඩිකල් වෙලා.

Main News