වෙඩි නොවදින රථ සොයා පොලීසිය වෙල්ගමගේ වත්ත පීරීම වැරදියි.. – කිරිඇල්ල

October 26, 2016 at 5:30 pm | lanka C news
වෙඩි නොවදින රථ සොයා පොලීසිය වෙල්ගමගේ වත්ත පීරීම වැරදියි.. – කිරිඇල්ල

වෙඩි නොවදින මෝටර් රථ සොයමින් පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්තක් සෝදිසි කිරීම අනුමත කරන්නේ නැතැයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එම අසාධාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි යයිද ඇමතිවරයා සදහන් කලේය.

අදාල සිදුවීම සම්බන්ධවෙන් කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට පොලිස්පතිවරයා කැදවා සාකච්ඡා කළ බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඔහුගේ ප‍්‍රකාශය දැනුම් දෙනු ඇති බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.

49 views