වෙඩි වරුසාවකට වංගු දැමු සයිටම් ලොක්කා පොලීසියටත් වංගු දමා රුසියාවට පනී..
February 11, 2017 at 1:20 pm | lanka C news
මෑතකදී වෙඩි ප්‍රහාරයක් එල්ල වුවද සීරීමකදු නැතිව අසාමාන්‍ය ලෙස දිවි ගලවා ගත් මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරයා වන සමීර සේනාරත්න පොලීසියටද නොදන්වා විදෙස්ගතව තිබේ.
ඔහුගේ මෝටර් රථයට වෙඩි තැබීම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී ඔහු විදේශගවන්නේ නම් පොලීසිය දැනුවත් කල යුතු බව පොලීසිය කියයි.
සේනාරත්න මහතා මේ වන විට රුසියාවේ සිටින බවටද තොරතුරු ඇත.
මේ අතර වෙඩි තැබීම සිදුවීම සම්බන්ධයෙන් වූ මූලික පොලිස් පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ මෙම වෙඩි තැබීමත් එවන් වෙඩි තැබීමකින් දිවි බේරීමත් සිදුවීමේ ඉඩකඩ ඉතා අවම බවය.