වෙඩි වැදුනු වන අලියෙක් වතුර වලකට වැටේ.. තත්වය බරපතලයි..
January 2, 2021 at 4:40 pm | lanka C news
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කන්නට්ටි, පෙරියකඩ්ඩු කැලෑවේ වතුර වලක වැටී දැඩි අසාද්‍ය තත්වයේ සිටින වන අලියාට සිව්වැනි දිනටත් ප්‍රතිකාර කොට වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වන බවට වව්නියාව වනජීවි නිලධාරීන් පවසති.
උතුරු පලාත් පශුවෛද්‍ය ගිරිධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වව්නියාව වනජීවි නිලධාරීන් මේ වන විට අවස්ථා කිහිපයකදීම දැඩි අසාධ්‍ය තත්වයේ සිටින වන අලියාට ප්‍රතිකාර කිරීම සිදු කරන ලදි.
පසුගිය දෙසැම්බර් මස 30 වනදා පෙරියකඩ්ඩු කැලෑවේ වතුර වලක වැටී සිටි අදාල වන අලියා පිළිබඳව වාර් ථා වීමත් සමග අදාල ස්ථානයට ගිය වනජීවි නිලධාරීන් විසින් අනාවරනය කොට සිටියේ අදාල වන අලියාට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම නිසා බරපතල තුවාල ලබා වැටී සිටින බවටය.
වනඅලියා අඩි හතහමාරක පමණ උසකින් යුක්ත වන අතරම අවුරුදු 25 ක් පමණ වයසකින් යුක්ත වන බවටද වන ජීවි නිලධාරීන් පවසති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
weradda rajaye.ali uwedura awasan kireemata piyawera nogeneemai.