වෙනත් පක්ෂවල, රටවල ජනාධිපති අපේක්ෂක තෝරන්නේ මධ්‍යම කාරක සභාවෙන්.. පොහොට්ටුවේ තෝරන්නේ රාජපක්ෂ පවුලෙන්.. මේක පුදුම වහල්කමක්..
March 21, 2019 at 6:24 am | lanka C news
වෙනත් රටවල නම් ජනාධිපති අපේක්ෂකයන් දේශපාලන පක්ෂ විසින් තෝරාගන්නේ සෙනෙට් සභාවෙන්, මධ්‍යම කාරක සභාවෙන් හෝ උත්තරීතර මණ්ඩලය යන දේශපාලන ආයතන තුළින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
නමුත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරනු ලබන්නේ රාජපක්ෂ පවුල විසින් බවත් මෙය දැඩි වහල්භාවයක් බවත් ඒ මහතා කියා සිටී.
තමන් නැවත කිසිදිනක රාජපක්ෂ පවුල් සමාගමට වැඩ නොකරන බවත් පවසන ඔහු පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට සහාය දැක්වූයේ රාජපක්ෂවරුන්ට කළ අවසාන වැඩ කිරීම වශයෙන් බවත් පවසයි.
ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේය.
මෙවැනි මිනිසුන් ලක්දෙරනේ යලි නොඉපදෙන්නට හේතුවසනා වේවා.
මෛත්‍රීපාල ජනාධිපතිවරණ අපේක්ෂක වෙනකොට ඒක එජාපෙ මධ්‍යම කාරක සභාවෙන් වුණේ කොහොමද
ඔයා කොහොමත් ආය් එන්නෙ නෑ…. සත්තයි….
ආයෙ බයි පවුලෙ එකෙක් බලයට එන්නෙ නෑ..
ඒක හොදයි… රනිල් හාමු රට විකුණලා ගත්ත සල්ලි වලින් අපිට බ්‍රේස්ලට් ගන්න පුළුවන්.
Vijithamuniyo thota aaye varadilavath patlimenthuvata Enna labenne nathinava hitha ganin. Tho mepara aveth piñata. Pingiththaraya thota henama Gahanna one.
වෙන රටවල පැරදුන උන්ට කතාකරල මන්ත්රීකම් දෙන්නේ නැහැ. ඒවගේම උනුත් එහෙම දුන්නත් ගන්නේ නැහැ. වෙන රටවල තමුන් පත්වුණ පක්ෂේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලට හොරෙන් වෙනත් පක්ෂවලට පක්ෂපාතිව වැඩ කරන්නේ නැහැ. වෙන රටවල ඇමති කට්ටකට තමුන් කලින් සිටි පක්ෂෙට එරෙහිව අපහාස කතා ප්‍රසිධියේ කියන්නේ නැහැ. වෙන රටවල මන්ත්‍රීවරු රාජ්‍ය දේපල ගසා කන්නේ නැහැ. තමුන් කලින් හිටි ආණ්ඩුවෙන් හදපු දේවල් අද ඉන්න ආණ්ඩුවෙන් කුනුකොල්ලෙට විකුණනකොට ගොලොවෝ වගේ ඉන්න අපත මන්ත්‍රීවරු වෙන රටවල නැහැ. තමුන්ට ලැබෙන තනතුරක් වෙනුවෙන් ඕනෑම කුණු වැඩක් කරන මන්ත්‍රීවරු වෙන රටවල නැහැ. තව කොච්චරක්නම් මේරට වෙනස්ද?