වෙනදාට වඩා වැඩි සේවක පිරිසක් සපුගස්කන්දේ… කොරෝනා පොකුරට හේතුව හොයයි..
March 22, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනී රෝෂිණී රුසිරිවර්ධන යන මහත්ම මහත්මීන් ය.
වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවේ. එබැවින් වෙනදාට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් තෙල්පිරි පහදුවේ කටයුතුවල දෛනිකව නියලෙන තත්වයක් තුළ මෙම රෝගීන් වාර්තාවීම සිදුවී ඇත.
කළමණාකාරිත්වයේ කිසියම් අතපසුවීමක්, සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් හෝ වෙනයම් සාධකයක් මෙම කොරෝනා ව්‍යාප්තියට බලපා ඇත්දැයි සොයා බැලීම මෙම කමිටුවේ කාර්යභාරයයි.
කමිටුව විසින් දින 10ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුය.
– අරවින්ද අතුකෝරල
වරාය වගේ තැනක හරියට පීසීආර් කලොත් මීටත් වඩා හමුවෙයි. දැන් නැත්තේ කොහෙද. පරිස්සමින් වැඩ කරගෙන යමු.
කොරෝනා මැද්දේ රට වෙනුවෙන් කැප වූ පිරිපහදු සේවකයිනි නුබ නිදුක් නිරෝගී වෙත්වා.
සවුදි අරාබියේ ඔය වගේ 20 ගුණයක් ලොකු තෙල් පිරිපහදු කම්හලක වැඩකරන්නේ 234යි. පැය 24 ම දුවනවා. ඉතින් බන් රටක් හැටියට දියුණු වෙයිද ?
නිවැරදි තීරණයක්…
දැන් Corona නිකන් හෙම්බිරිස්සාව වගේ. පරිස්සමෙන් වැඩ කටයුතු කරමු. ඔබට ජය