වෙනදාට වඩා වැඩි සේවක පිරිසක් සපුගස්කන්දේ… කොරෝනා පොකුරට හේතුව හොයයි..

March 22, 2021 at 5:30 pm | lanka C news
වෙනදාට වඩා වැඩි සේවක පිරිසක් සපුගස්කන්දේ… කොරෝනා පොකුරට හේතුව හොයයි..

කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනී රෝෂිණී රුසිරිවර්ධන යන මහත්ම මහත්මීන් ය.

වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවේ. එබැවින් වෙනදාට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් තෙල්පිරි පහදුවේ කටයුතුවල දෛනිකව නියලෙන තත්වයක් තුළ මෙම රෝගීන් වාර්තාවීම සිදුවී ඇත.

කළමණාකාරිත්වයේ කිසියම් අතපසුවීමක්, සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් හෝ වෙනයම් සාධකයක් මෙම කොරෝනා ව්‍යාප්තියට බලපා ඇත්දැයි සොයා බැලීම මෙම කමිටුවේ කාර්යභාරයයි.

කමිටුව විසින් දින 10ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුය.

– අරවින්ද අතුකෝරල

14,508 views

15 Comments to “වෙනදාට වඩා වැඩි සේවක පිරිසක් සපුගස්කන්දේ… කොරෝනා පොකුරට හේතුව හොයයි..”

  1. ෆකොරිස් says:

    හේතුව නන් ඉතින් කොරොනා වයිරසය ම තමයි, වයිරසය වැළදුන එකෙක් වැඩට ඇවිල්ලා එච්චරයි , මෙක රහසක් විදිහට තියාගමු. පත්කරලා තියෙන්නේ පංච පුද්ගල කමිටුවක් නේ කමක් නැ ඌන් පස්දෙනා කියක් හරි හොයාගනි ඔකෙන්. බැරිද ලොක්කාට කමිටුව ට සාමාජිකයන් 50 ක් 60 ක් නම් කරන්න අපිත් එක්ක, දැන් වැලේ වැල්නැ මෙ කොරොනා හින්දා.

  2. එක්නැලිගොඩ says:

    කොරෝනා කියල වැඩ නවත්තන්න ද ? රට නවත්තන්න ද? කොහොම උනත් සොයලා බලන එක වටිනවා මොකද වුණේ කියලා.

  3. රංජි says:

    ඔබතුමන්ගේ වැඩපිළිවෙළ අපිට විශ්වාසයි.

  4. බෞද්ධයා says:

    බුද්දිමත් ලෙස කටයුතු කරන මම දැකපු නිහතමානී චකිතයක් උදය ගම්මන්පිල මහතා.. අගය කළ යුතුය යන්න මාගේ අදහස

  5. මේ වගෙ උන් පාර්ලිමේන්තුවට ආයේ එපා says:

    තව ටික දවසක් ගියාම රාජ්‍ය ආයතනවල වැසිකිලි හරියට ශුද්ධ නොකරන්නේ ඇයි කියලා බලන්නත් කමිටුවක් පත් කරාවි

  6. රටේ රාල says:

    ප්‍රශ්නය උඩු දුවන්න නොදි විසදුමක් හොයන්න ඔබ තුමා ගන්න වෙහෙසට ස්තුතියි

  7. Mahasona says:

    මේක මේ පඩි ගෙවන කමිටුවක් නෙවෙයි. කව්ද මේක කරපු වගකීම් විරහිත පුද්ගලයා කියලා හොයා ගන්න. බලශක්ති කියන්නෙ වෙනස්ම තැනක්.

  8. UK says:

    මේක මේ පඩි ගෙවන කමිටුවක් නෙවෙයි. කව්ද මේක කරපු වගකීම් විරහිත පුද්ගලයා කියලා හොයා ගන්න. බලශක්ති කියන්නෙ වෙනස්ම තැනක්.

  9. දසුන් says:

    තෙල් පොකුරක් හැදිල කෙල වෙනකම් අර වූ අන් පී ජාතික සේවක සංගමයේ ආනන්ද පාලිත කියන එකා බලා ඉන්නවා. ඒ නිසා මේ ගැන මෙහෙම හොයන එක හොදයි.

  10. අමිල says:

    මෙය ආර්ථික මර්මස්ථානයක්. ඒ නිසා අවධානය යෙදවීම හොද පියවරක්.

Main News