වෙනම අධිකරණ කතාවට මල පනී.. නීතීඥ සංගමය දැඩි විරෝධය පල කරයි..

August 22, 2017 at 6:32 am | lanka C news
වෙනම අධිකරණ කතාවට මල පනී.. නීතීඥ සංගමය දැඩි විරෝධය පල කරයි..

කිසියම් කණ්ඩායමක් හෝ පුද්ගලයන් ඉලක්ක කරමින් නඩු ඇසීම සදහා වෙනම අධිකරණ පිහිටුවීමට කිසිසේතම ව්‍යවස්ථානුකූලව ඉඩක් නැති බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

99 views

4 Comments to “වෙනම අධිකරණ කතාවට මල පනී.. නීතීඥ සංගමය දැඩි විරෝධය පල කරයි..”

  1. Champika says:

    වෙනම අදිකරන කතාවෙ ඇත්ත කතාව අපෙ රටෙ ඉන්න එක කෙනෙකුටුවත් හරියට කියා ගන්න තේරිලා නැහැ. රාජපක්ශගෙ හොර හොයන්න ඉන්දියාව, ඇමරිකාව රාජ්ජ්ය මට්ටමෙන් මැදිහත් වුනා. අනුර දිසානයකෙ FCID හරහා කෝප් හරහා විමර්ශනය කරා. රජය අල්ලස් කොමිසම හරහා විමර්ශනය කරා. අන්තිමට හිතවතුන්ගෙ , නෑයන්ගේ දෙපල විතරක් නෙවේ පසුගිය 10 වසරේ වූ රටේ සියලුම විශාල බැන්කු හා ඉඩම් ගනු දෙනු මාස ගනනාවක් තිස්සේ විමර්ශනය කරා ඇත්තටම අන්තිමට පෙනී ගියේ හොරකම් කරපු දෙයක් නැති බව. අන්තිමට බොරු චෙදනා දාලා නඩු දැම්ම්ට ඒව ගෙන යන්න බැහැ, රතු අලි පැටින්ටයි රනිල්ලටයි මිනිසුන්ට උත්තර දෙන්න බැරි හින්දා බොරුවට අදිකරනයට බනිනවා. ඒ අය දන්නවා වෙනම අදිකරනයක් පිහිටුවන්න බැරි බව. මෙය රග පෑමක්.
    කොහොමත් එදා මහින්දගේ තිබූ දුර්වල කම අදටත් තියනවා. මහින්ද මහත්තයගේ වත්කම් බැරකම් ප්‍රකාශය ආන්ඩුව හරහා අනුර අරන් වත්ත වටේ කිය කියා යනවා ඔප්පු 21 ක් විස්තර එයා ගාව තියන වග. ගොඩක් ඉඩම් පාරම්පරික ඉඩම් ඒවාට උත්තර දෙන්න නාමල් වත් යන්නේ නැහැ. ඒ නිසා අන්තිමට මිනිසුත් කන්ෆියුස් වෙනවා.

  2. රටට හිතැති says:

    මේ රටේ උත්තරීතර නීතිය තව දුරටත් රජ කරවන්නට වෙරදරන අග විනිසුරුතුමාණනි , සියලුම විනිසුරුවරුනි, රට පුරා විහිදී සිටින සියලුම නීතියට සබැඳි නිලධාරීනී සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ සියලු නිලධාරී මහතුනි! ඔබගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඉතා අඳුරු වසර 17ක යුගයකයට පසු අමාරුවෙන් උදා කරගත් උත්තරීතර නීතියේ ආදිපත්‍ය යලිත් වල් වැදීමට කිසි සේත් ඉඩ නොතබන ලෙසයි! මේ පාලකයින් අන්තිම තුරුම්පුව ලෙස දැන් මේ සැරසෙන්නේ අවුරුදු 17ක් තිස්සේ රට විනාශයට ඇදගෙන ගිය එනමුත් ඔවුන්ට හැම අතින්ම වාසිදායක වූ ඔවුන්ගේ පලපුරුදු මිනීමරු, දුර්ධාන්ත යුගයට ආපසු රට ගෙන යා හැකි දැයි සොයා බැලීමකි. මොකද, ඒ දුර්දාන්ත පාලන සමයේ රජ කරවූ “හොල්මන් සහ අවතාර” තව දුරටත් නිහඬව පාර්ලිමේන්තුව ඇතුලත සහ පිටත සිට තමන්ට සුපුරුදු යුගය යලි එනතුරු නිහඬව බලා සිටීමයි! එවන් යුගයක උපකාරය හැර, මොවුන්ට තව දුරටත් බලයේ සිටීමට වෙනත් මගක් නැති බවත් ඔවුන් වටහාගෙන අවසානය!!!

  3. parliament jokers says:

    Ehema karanna bhai kiyala rate ona podi ekek dannawa. Rajithaya boruwata katamatha dodawanawa. Kata nodanne mokarada. Pisso kiyana ewata api kalabala wiyauthu naha. Hinawela nikan imu. The kiyawannathai.