වෙනම දේශපාලන ගමනක් අරඹන බව රාජිත-චම්පික කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි..

March 22, 2018 at 9:20 am | lanka C news
වෙනම දේශපාලන ගමනක් අරඹන බව රාජිත-චම්පික කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි..

වර්තමාන ආණ්ඩුව ඉදිරියේදී පැහැදිලි ස්ථාවර දේශපාලන වැඩපිලිවෙලක නිරත නොවන්නේ නම් තමන් සහ ඇමති චම්පික රණවක වෙනම දේශපාලන ගමනක නිරත වන බව කැබිනට් මණ්ඩලයට පැවසූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

ඇමති චම්පික රණවක විසින් කැබිනට් මණ්ඩලය වෙත කරුණු 45ක විශේෂ සංදේශයක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳව දැනුම් දුන්න බවත් තමන්ද එම ප්‍රකාශනය හා එකඟව අදහස් පළ කළ බවත් ඇමැතිවරයා කීවේය.

රටේ ඇතිවෙන යම් යම් ප්‍රශ්න සහ රජය තුළ ඇතිවන යම් සිදුවීම් පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ස්ථිර මතයක් දැරීම අවශ්‍ය බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

22 views

15 Comments to “වෙනම දේශපාලන ගමනක් අරඹන බව රාජිත-චම්පික කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි..”

  1. Saradiel says:

    මහජනතාව මුන් දිසා බලන්නේ මහත් පිළිකුලෙන්/ ලිප ගිනි මොලවන තෙක් සැලියේ සැපයක් යැයි කකුලුව දිය කෙලියේ

Main News