වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..

February 6, 2021 at 10:02 pm | lanka C news
වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..

තමන් සෝවාන් ඵලයට පැමිණි බවත් තමන් දැන් සෝවාන් ලාභියෙක් බවත් වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවද පවසන ඔහු එම විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු විය යුතු බවද කියා සිටී.

වර්තමානයේ රහතන් වහන්සේලා සිටින්නේ යයි කියන්නේ තනිකර බොරුවක් බවත් බොරු රහතුන් බුද්ධ කාලයේදීද සිට නැති බවත් ඔහු සඳහන් කරයි.

සෝවාන් ඵලය ලැබූ තවත් අය ලංකාවේ සිටින බවත් ඒ අය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

142,319 views

53 Comments to “වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..”

  1. Nalini says:

    මෙච්චර පහසුංවන් මෙ මනුස්සයා කියන විදියට සොවාන් පලය ලබන්න පුලුවන්ද කියන එක මෙ ගාථා රත්නයෙන් හිතන්න ඔයාලට බාරයි
    *******
    පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා
    සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං
    මුළු පෘථිවියම ජයගෙන, චක‍්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකළ ලෝකයටම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීමම උතුම්.
    (ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ කාල නම් පුතා අරභයා වදාළ ගාථාවකි ෴)

Main News