වෙන්දේසියේ තේ නොවිණිකේ.. තේ කර්මාන්තය නතර කිරීමට වන ලකුණු…

March 29, 2020 at 6:48 pm | lanka C news
වෙන්දේසියේ තේ නොවිණිකේ.. තේ කර්මාන්තය නතර කිරීමට වන ලකුණු…

ඉදිරියේදි පැවැත්වෙන තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරිම සදහා මේ දිනවල තේ කර්මාන්ත ශාලා වල තේ කොළ නිෂ්පාදනය කලද එම තේ කොළ වෙන්දේසියේදි මිල දි ගැනිමට ගැනුම්කරුවන් ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගත වි ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.

කොවිඩ් 19 වෛරය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති ඇදිරි නිතිය හමුවේ තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරිමට තේ කර්මාන්ත ශාලා වල නිමි තේ කොළ තොග වශයෙන් නොතිබුණ නිසාත් , වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය සහ රටේ තේ ආර්ථිකය ඉහල දැමිමේ අරමුණින් වතු කම්කරුවන්ට සෞඛ්‍යය අංශ විසින් ලබා දුන් උපදෙස් පිලි පදිමින් තේ වතු වල වැඩ ලබා දුන්න බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

ලබන මස 3 දින කොළඹ දි පැවැත්වෙන තේ වෙන්දේසියට ඉදිරිපත් කිරිම සදහා උඩරට තේ වතු සමාගම් විසින් මේ වන විට  විශාල වශයෙන් නිමි තේ කොළ නිෂ්පාදනය කර ඇති බවත්, තේ වෙන්දේසියේදි ගැනුම්කරුවන් විසින් මිල දි ගන්නා තේ කොළ පවත්නා තත්ත්වය මත නැව්ගත කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති නිසා තේ ගැනුම්කරුවන් තේ මිල දි ගැනිම සදහා දෙගිඩියාවකින් සිටින බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ.

තේ වෙන්දේසියේදි ගැනුම්කරුවන් විසින් මිල දි ගන්නා නිමි තේ තොග වලට මුදල් ගෙවා ලබා ගන්නා බවත් , එම මුදල් වලින් වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු වතු යායේ පරිපාලන කටයුතු ඇතුළු අනෙකුත් සේවාවන් සිදු කරන බවයි වතු අධිකාරිවරුන් පෙන්වා දෙන්නේ.

තේ වෙන්දේසියේදි නිමි තේ කොළ තොග මිල දි ගැනිමට ගැනුම්කරුවන් ඉදිරිපත් නොවුනහොත් දැනට වතු කම්කරුවන්ට ලබා දි ඇති දෛනික වැඩ කටයුතු තාවකාලිකව නතර කිරිමට සිදු වන බවද වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටියි.

පවතින වියළි කාලගුණයත් සමග තේ කර්මාන්ත ශාලා වල තේ නිෂ්පාදන කටයුතුද සිමා සහිතව සිදු කරන බවත් වතු අධිකාරිවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

57,533 Viewers

8 Comments to “වෙන්දේසියේ තේ නොවිණිකේ.. තේ කර්මාන්තය නතර කිරීමට වන ලකුණු…”

  1. rita says:

    sirase kalakannin ta mewa tama news,dan ara siyon church eke bomba minimaruwa ahuwela, thopita ewa breking news neme. thu nodaik, pahara kalakanni

    • 😈😈😈 says:

      මේ කොරෝනා භාෂවෙන්ද බං.. ලියලා තියෙන්නේ??
      තම්බිත් මේවගේ කෑලි ගගහා ලියනවා නේද හලෝ!😈

  2. rita says:

    a sirase pahara kalakanni,dan thopita hari satutui ne, ai rate adayamata pahara wadinawane, thopi ballantada ban jathaka wela tiyenne, ratata waradinkota ochchara satutu wenne

    • FoolishLankan says:

      They get help from ranil & his groups and tamil diaspora,
      Yes, they are happy to see sri lanka is economically down,
      Their main aim is to get their elam part of the country,
      Sinhalese must always understand this and get prepared.

  3. Dasidu says:

    Karanna deyak naha. Minissu jeewath wela hitiyothne hama dema. Me welawe rajayata sahayogaya dena eka kageth wagakeema saha yuthukama

  4. UD says:

    ටික ටික වෛරසයේ බලපෑම රටටම දැනෙන්න පටන් අරං..
    වෛරස් හැදුනේ නැතත් ආර්ථික ගැටලු වලට හැමෝටම මුහුණ දෙන්න වෙනවා…

  5. අපේ "තේ " - 'අපතේ' says:

    අපේ “තේ ” කොහොමත් ‘අපතේ’ ගිය කුණු එකතු කරලනේ වෙන්දේසි කලේ…
    යුරෝපයේ සිලෝන් කසල තේ කවුරුත් ගන්නේ නැත…! තේ වලට ඒ කසල එකතු හැටි යූටියුබ් වල පලකරපුව ඉන්ඳියන් එවුන්ට ලොකු ඇඩ් එකක් උනා උන්ගේ ” Assam” කියන තේ විකුණ ගන්නට!

  6. sena says:

    වෙන්දෙසියේ තේ නොවිකුණාට හබ්බයෝ කසළ තේ විකුණනවා ඇති ජයටම

Main News