වෙන්නප්පුව හිටපු ASPට මා විරුද්ද වූයේ අහිංසක ජනතාවගේ නාමයෙන්.. ඔහුගේ වැටලීම් නිසා ජන ජීවිතය අඩාල වුනා..- අරුන්දික

April 2, 2021 at 10:00 am | lanka C news
වෙන්නප්පුව හිටපු ASPට මා විරුද්ද වූයේ අහිංසක ජනතාවගේ නාමයෙන්.. ඔහුගේ වැටලීම් නිසා ජන ජීවිතය අඩාල වුනා..- අරුන්දික

වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට තමන් විරුද්ධ වූයේ අහිංසක ජනතාවගේ නාමයෙන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තමන්ට ඔහු සමග කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක් නැති බවත් දිගින් දිගටම මහ ජනතාවගේ පැත්තෙන් පැමිණිලි ලැබෙන නිසා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීමක් කළ බවද ඇමැතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වෙන්නප්පුව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වෙළඳාම සිදු කරන අයට නිසි අධ්‍යාපනයක් හා දැනුමක් ලබා දී ඔවුන් ස්වයං රැකියාවකට හෝ ආදායමක් උපයාගත හැකි වෙනත් රැකියාවකට යොමු කළ යුතු බව තමන් නිරන්තරයෙන් සඳහන් කළ බවද ඒ මහතා පැවසීය.

නමුත් විවිධ චෝදනා නගමින් දිගින් දිගටම කළ අත්තනෝමතික වැටලිමි නිසා ජනතාවගේ ජන ජීවිත අඩාල වූ බවද ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙස තමන් විසින් යොමු කළ ලිපිය සමාජ මාධ්‍ය වෙත පිටවීම නීති විරෝධී බවත් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත් ඔහු පැවසුවේය.

23,788 views

29 Comments to “වෙන්නප්පුව හිටපු ASPට මා විරුද්ද වූයේ අහිංසක ජනතාවගේ නාමයෙන්.. ඔහුගේ වැටලීම් නිසා ජන ජීවිතය අඩාල වුනා..- අරුන්දික”

  1. පුියන්ත says:

    කසිප්පුකාරයින්ගෙයි කුඩුකාරයින්ගෙයි චන්දෙන් පාර්ලිමේන්තු ගියහම උන්ගැන බලන්න වෙනවා නැත්නම් පාර්ලිමේන්තු යන්න බැරිව යනවා ඊලගසැරේ ඒකතමයි සංස්කෘතිය ජරාජිර්න

  2. Sampath says:

    So what is he saying. Allow people to do illegal brewing. I was under the impression that these politicians there to make law not encourage people to break law. This is the problem when you send uneducated and unprofessional people who doesn’t love the county to the parliament. Just being Sinhala Bhudist won’t make a patriot.

  3. GulSiri Lal Nanda says:

    The so-called Minister of State man who wanted encouraging all sorts of Illegal business and illicit liquor selling in an Island -wide ?
    These guys are not FIT MP of Parliment. ….???
    Let Police forces do their job without Political influences under GR honest leadership.
    We have dream of clean governance under that President GR form democracy.

  4. ලොලිපොප් මොංගල් says:

    චික් චිතරක් මෙහෙමත් කාලකන්නි. අපිට හිතාගන්න බැරි මුන්ට ගහල පන්ල දාන්නේ නැත්තේ, ගෝඨාභයත් මේ ජරා යක්කුන්ට සහයෝගය දෙන, නීති විරෝධී ජාවාරම් වලින් යැපෙන, බල්ලො මරල හරි සල්ලි හොයන ජාතියේ කෙනෙක්ද කියල.

  5. සුභාශ් says:

    මොකුත් නොකියන්මි … එකක් කුයමි… පුත්තලන් බූරුවා….

Leave a Comment

Main News