වෙන්න අධ්‍යක්ෂකතුමියක් අධිකාරියේ රහස්‍ය වාර්තා පිටතට විකුණයි…

July 29, 2019 at 6:48 pm | lanka C news
වෙන්න අධ්‍යක්ෂකතුමියක් අධිකාරියේ රහස්‍ය වාර්තා පිටතට විකුණයි…

සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉතා රහසිගත ලෙස ලබාගතයුතු සාම්පල් පරීක්ෂණ වාර්තා හා සංවේදී තොරතුරු රාශියක් මේ වන විටත් පිටස්තර පුද්ගලයන් වෙත එම අධිකාරියේ නිලධාරීනියක් මුදලට අලෙවි කර ඇති බවට අප සංගමය වෙත තොරතුරු ලැබී ඇත.

එ අතර මහත් ආන්දෝලනයකට පත් ආනයනික කිරිපිටි සාම්පල් ලබා ගැනීමට අදාල තොරතුරු ද පවතී.

මෙම සාම්පල ශ්‍රී ලංකා තුල පරීක්ෂා කිරීමට නොහැකි බැවින් විදේශ රටක පරීක්ෂණ සදහා යොමුකල අතර එ පිළිබඳ අදාළ සියලුම තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සාම්පල් පරීක්ෂණ අංශයේ ප්‍රධානියකු මගින් ආනයනික කිරිපිටි සමාගම් වෙත ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇත. එ සදහා එම ප්‍රධානී වෙත විශාල තෑගි ප්‍රමානයක් අදාල ආනයනික කිරිපිටි සමාගම් මගින් ලැබී ඇත.

අප සංගමයට දැන ගැනීමට ලැබී ඇති තොරතුරු අනුව එම කිරි පිටි පරීක්ෂණ වාර්තා අදාල සමාගම් වලට වාසි වන ලෙස මේ වන විට අධිකාරිය වෙත ලැබී ඇත.

අප සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාර විෂය භාර වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගෙන් විමසීමට පැනයක් ඇත.

එදා ඔබ තුමන් ජනතාව ඉදිරියේ වීරයකු ලෙස හඩ නැගු ආනයනික කිරි පිටි පරීක්ෂණ වාර්තාවට සිදු වු දේ රටට හෙලිදරව් කරන ලෙස ඉල්ලා සිටිමු.

නැතහොත් ඇමතිදූරක් දක්වා පැමිණ, ඔබ ඉතා අසීරුවෙන් උපයා ගත් ඔබගේ කීර්ති නාමය අධිකාරියේ මුදල් පෙරදැරි කරගත් පන්දම් නිලධාරීන් විසින් විනාශයට පත් කරනු ඇත.

තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉන්ධනහල් පරික්ෂාවෙන් ලබා ගත් පෙට්රල් සාම්පල් වල පරික්ෂණ වාර්තාව අධිකාරියේ බලධාරීන් වෙත ලැබීමට පෙර ,අධිකාරියේ සාම්පල් පරීක්ෂණ අංශය වෙත ලැබී ඇති වාර්තාව පිටස්තර පුද්ගලයකු වෙත ලැබී ඇත.

එ බව ජන මාධ්‍ය මගින් දැක ගැනීමට හැකි විය.

මෙසේ අධිකාරිය සතු සංවේදී තොරතුරු බාහිර පාර්ශව වෙත ලබා දෙන අදාල අංශ භාර නිලධාරීන් ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අප සංගමය බුද්ධික පතිරණ අමාත්‍ය වරයාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

මෙවැනි දූෂිත නිලධාරීන් මගින් වැනසී යන්නේ අප රටේ පාරිභෝගික, මහජනතා අයිතීන් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ජෙහාන් ප්‍රනාන්දු
සභාපති
සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය

18,974 Viewers

One Comment to “වෙන්න අධ්‍යක්ෂකතුමියක් අධිකාරියේ රහස්‍ය වාර්තා පිටතට විකුණයි…”

  1. Ariyathilaka says:

    “මෙම සාම්පල ශ්‍රී ලංකා තුල පරීක්ෂා කිරීමට නොහැකි බැවින් විදේශ රටක පරීක්ෂණ සදහා යොමුකල අතර එ පිළිබඳ අදාළ සියලුම තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සාම්පල් පරීක්ෂණ අංශයේ ප්‍රධානියකු මගින් ආනයනික කිරිපිටි සමාගම් වෙත ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇත.”

    කිරිපිටි පරිභෝජනය ශාරීරික පෝෂණයට අත්‍යවශ්‍ය නැති වීමත් කිරිපිටි වල ගුණාත්මක භාවය සැක සහිත බැවින් කිරිපිටි පරිභෝජනය රටේ ජනතාව විසින් වර්ජනය කළ යුතුය.
    ඩී සී ඩී හෙවත් ඩයිසයිනයිඩ්ඩයමයිඩ් නැමති විෂ රසායනය කිරිපිටි වල නොමැති බවට ලැබෙන සහතික කිරීම් විශ්වාසය අහොසි වනවා ඇත.
    ඞීසීඞී නමැති විෂ රසායනය පොහොර නිෂ්පාදනයට, රබර් නිෂ්පාදනය කටයුතු, සම් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, අපද්‍රව්‍ය අවහිර වන (මහා පරිමාණ කර්මාන්ත ශාලාවල) නල පිරිසිදු කිරීමට යොදා ගනී. මෙය ආහාර වල කිරිවල කිසිසේත්ම අඩංගු නොවිය යුතු බැවින් ඉදිරියේදී ලැබෙන තත්ව සහතික විශ්වාස කළ හැකිද?
    වේ ප්‍රෝටීන (Whey protein) අධි සාන්ද්‍රණය සහිත කිරි නිෂ්පාදනවල ක්ලොස්ටි‍්‍රඩියම් බොටලිනම් (clostridium botulinum) බැක්ටීරියාව කිරිපිටි වල අඩංගු නැති බව තහවුරු වීම මින් ඉදිරියට සැක සහිත නොවන්නේද?
    බොටලිනම් වූ බැක්ටීරියාවෙන් ශරීරය අඩපණ කර ආඝාත තත්ත්වය ඇති කරන්නකි. මෙම භයානකමේ අවදානමෙන් මිදීමට ඇති එකම පහසු විසදුම කිරිපිටි පරිභෝජනය වර්ජනය කිරීමය. බහුජාතික සමාගම් මෙරට රට වැසියාගේ ජීවිත සමග කරන සෙල්ලම එමගින් හමාර වනු ඇත.

Main News