වෙන්න කොරෝනාවන්ට ලොක්ඩවුන් කඩනු තවත් බෑ.. යුද හමුදා ඩ්‍රෝන බලඇණිය අහසේ රදවයි..

April 17, 2020 at 4:40 pm | lanka C news
වෙන්න කොරෝනාවන්ට ලොක්ඩවුන් කඩනු තවත් බෑ.. යුද හමුදා ඩ්‍රෝන බලඇණිය අහසේ රදවයි..

ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඩ්‍රෝන කැමරා ප්‍රදානයක් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී වසා දැමුනු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සදහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඒ අනුව මෙරට කීර්තිමත් තරුණ ව්‍යවසායකයකු වන CameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා⁣ගෙන් ඒ සදහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු වූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම අද මෙම කැමරා ප්‍රදානයෙන් පසුව පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන්, ඉදිරියේදී යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය බාරගත් බවත් මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සදහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

209 views

27 Comments to “වෙන්න කොරෝනාවන්ට ලොක්ඩවුන් කඩනු තවත් බෑ.. යුද හමුදා ඩ්‍රෝන බලඇණිය අහසේ රදවයි..”

  1. දෝන කතිරිනා says:

    හොඳ අදහසක් යුධ හමුදාපති තුමනි.
    කාලීන අවශ්‍යතාවයක්.

    (ටිකක් ප්‍රමාදද කියලත් නොහිතෙනවම නෙවෙයි)

    ඒත් ඔබතුමාගෙ කාලෙදිමවත් මේක පටන්ගන්න

    • කෝ රෝනාල්ඩෝ says:

      පට්ට add එක නේද ? මෙහෙමත් අවස්ථාවදියෝ..කල දුටු කල වල ඉහ ගැනීම කිව්වලු. මම අවුරුදු කීපයකට කලින් dslr එකක් ගත්ත මෙතනින්, මාසයක් වත් ගියේ නැහැ display ගියා. මුගේ කසිකබල් cheap quality drones ඕන නැහැ හමුදාවට. quotation කෝල් කරලා USA වලින් military ස්ටෑන්ඩර්ඩ් drones ගෙන්න ගන්න. ඒවා හදල තියෙන්නෙම surveillance වැඩ වලටම තමා.

      • patient says:

        උන් DSLR ගෙදර හදන්නේ නෑනෙ. විකුණන්නෙ international brands. Warranty එක්ක. බිම් වැටිලා display ගියාම නම් warranty නෑ.
        ඔයත් ඌ වගෙ American එකක් හමුදාවට අරන් දෙන්න.

        • කෝ රෝනාල්ඩෝ says:

          හීනෙන් තමයි ඉතින් මුන් american branded විකුණුවොත් විකුනන්නේ . මුන්ගේ show off විතරයි, international brands උනත් second quality එව්වා තමයි ලංකාවේ විකුණන්නේ. ගන්න කොට තවුසන්ඩ් ටෝක්ස්, warranty claim කරද්දී බලු ටෝක්ස් … ෂුවර් එකටම උඹ මේ කඩේ අයිතිකාරයා වෙන්න ඕන.

  2. Sandun Dhammika says:

    We need to call US marine forces man.
    Sri Lanka is a part of US CIA and marine forces.

  3. Sahan says:

    Work done by the army & the government is excellent

  4. නිළමේ says:

    කසිප්පු, ගංජා අල්ලන්නත් යොදාගන්නේ නම් තවත් හොඳයි.

  5. Anti Corona says:

    militarization at it’s best…RIP democracy…..

    • priyanka says:

      api bahutarayak ekata kemathie. oya wena ratakata yanna pow nodi

    • Corona Auntie says:

      then shall we ask the military to go to barracks and hambayaa to take over the anti corona exercise?

    • Jayan says:

      Anti Corona: Militarization is much better compared to manipulated and corrupt democracy.

    • නයා says:

      කොහෙද බං උඹ ඔය කියන ඩිමොක්‍රසිය තියෙන්නේ
      උඹගේ සරම අස්සෙද ?

      • කැපුවත් කොළ හරක් පට්ටිය says:

        එක්සත් ජාතික පක්ෂෙ ව්‍යවස්ථාවෙ.

        නායකත්වය වෙනස් කරන්න කොරෝනාවලටවත් පුළුවන් වෙයද මන්ද?

  6. LIONS says:

    Great innovative, initiatives!
    We must tackle problems thinking out of the box and innovative and productive way!

  7. Patient says:

    Corona ඔනෑම අයකුට වැළදිය හැක. රොගින්ට අපහාස කිරීමෙන් ඔවුන් ඉදිරිපතවිම තවත් ප්‍රමාද කරයි. මාධ්‍ය වචන පාවිච්චි කරද්දී ඒ ගැන සිතිය යුතුය.

  8. Sweden Doc says:

    Good move.

  9. සමන් says:

    නියමයි! දියුනු රටවල් සැම එකකම ‌ඩ්‍රෝන රෙජිමේන්තුවක් තියෙනව ජාතික ආරක්ෂාවට. අපේ ගුවන් හමුදාව ‌ඩ්‍රෝන තාක්ෂනය යුද්දෙ කාලෙත් ඉන් පසුවත් භවිතා කලා. ඒත් හමුදාපති තුමා කියන විදියෙ රෙජිමේන්තුවක් යුද හමුදාවට තිබිල නැහැ. ඒකත් දැන් සම්පූර්ණ කරාවි.

    හැබැයි අනිවාර්යෙන් ඕකටත් මොනා හරි කියාවි මේ රටේ ඉන්න NGO කාරයොයි, මානව හිමිකම් කාරයොයි. උන්ට රටේ ජාතික ආරක්ෂාවට කරන දේවල් දිරවන්නෙම නැහැ. ඇත්තද කියන්න හරියටම දන්නෙ නැහැ ඒත් ගෝඨාභය මහත්මය ආරක්ෂක ලේඛම් කාලෙ මිසයිල හා ඉහල අහසේ ඉදන් දත්ත සම්ප්‍රේෂනය කලහැකි ඩ්‍රෝන හදන්න පටන් අරන් තියෙනව, UNP ආන්ඩුව ඒවට මොනා කලාද දන්නැහැ, තිබුන ආයුධ ගබඩාවට උනදේ අදටත් අපි දන්නෙ නෑනෙ(සිනා), මිසයිලයනම් හැදුව. අපේ රටේ දක්ෂ මිනිස්සු ඉන්නව ඒ මිනිසුන් අදුනාගෙන, ධෛයිර්යමත් කරල වැඩ කරන්න අවශ්‍ය දේවල් සේරමත් ලබාදෙන නායකත්වයක් රටේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන.

  10. Sajiya perema says:

    Chaaah , Mata meka issellama kiyanna beri unane

Main News