වෙන ජනාධිපතිලා වගේ කයිවාරු නෑ.. ජනාධිපති ගෝඨාබය කියන දේ කරනවා..

January 16, 2020 at 8:02 am | lanka C news
වෙන ජනාධිපතිලා වගේ කයිවාරු නෑ.. ජනාධිපති ගෝඨාබය කියන දේ කරනවා..

ජනාධිපතිතුමා විසින් වතු කම්කරුවන්ට වැඩි කල රු දහසක වැටුප සම්බන්ධයෙන් ලබන සතියේ වතු සමාගම් සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

තොණ්ඩමන් මහතා එ බැව් පැවසුවේ (15) දින පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු  ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේ වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු දහසක වැටුප මේ වන විට ලබා දිමට කටයුතු කර ඇති බවයි.

ජනාධිපතිවරණයේදි වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් පොරොන්දු වු කටයුතු වලින් කොටසක් මේ වන විටත් තම අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති බවත්, වතුකරයේ විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සම්බන්ධයෙන් මේ වන විට අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත් වු බවද තොණ්ඩමන් මහතා පැවසිය.

වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන කැබිනට් රැස්විම් වලදි ගන්නා කැබිනට් තිරණ ක්‍රියාවට නංවන බවත්, වෙනත් ජනාධිපතිවරුන් ගන්නා තිරණ මෙන් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා තිරණ ක්‍රියාවට නැංවිමට අවශ්‍යය ප්‍රතිපාදනද රජය මගින් ලබාදෙන බවයි තොණ්ඩමන් මහතා කියා සිටියේ.

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිමත් රජයක් බිහි කිරිම සදහා තම පක්ෂය කැපි විමෙන් කටයුතු කරන බවද ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටිහ.

ඉකුත් රජය මගින් වතුකරයේ  සිදු කල සංවර්ධන කටයුතු තමන් කිසිසේත් නතර නොකල බවත්, එම සංවර්ධන කටයුතු සේම වත්මන් රජය යටතේ නව සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කරගෙන යන බවයි තොණ්මන් මහතා  මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,964 Viewers

4 Comments to “වෙන ජනාධිපතිලා වගේ කයිවාරු නෑ.. ජනාධිපති ගෝඨාබය කියන දේ කරනවා..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    ko pasku paharaye aya athulata dammada ? kiyapu dewal nam kerena patak nah

    • මාමා මූ මීමා says:

      ඇතුලට දාන්නම නම් හදිස්සිය මෙහෙට කතා කරල වැඩක් නෑ , රංජට කතා කරන්න !, .මිනිහා නම් කිසිම වගවිභාගයක් නැතුව ඇතුලට දානවා !!.

    • Bitter Truth says:

      Jeewanee Kariyawasam, ඔබ දන්නා තරම ටිකයි.

      පාස්කු ප්‍රහාරය පිළිබදව පරීක්ෂණ ඉදිරියේදි නිසි අයුරින් පවත්වයි. නිකන් කලබල වෙලා නිසි අයුරින් චෝදනා ගොනු නොකලොත් වෙන්නෙ ලොකු හානියක්.

    • Pal says:

      Wait till Pohottuwa get 2/ 3rd majority.

      This is still your Jadapalana government with 19th amendment given to us by anti Srilankan groups.

      Jadapalanaya was just a puppet government.

Main News