වෙන පක්‍ෂ උවමනා නෑ.. පොහොට්ටු අපේක්‍ෂකයා තනිව ජනාධිපති කරන්න සූදානම්..

March 31, 2019 at 6:47 pm | lanka C news
වෙන පක්‍ෂ උවමනා නෑ.. පොහොට්ටු අපේක්‍ෂකයා තනිව ජනාධිපති කරන්න සූදානම්..

මීළඟ ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකෙ පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාගේ ජයග්‍රහනය සහතික බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

දැනටමත් 45%ක ඡන්ද ප්‍රතිශතයක් අතැතිව සිටින පොදුජන පෙරමුණට තවත් පක්ෂයක ආධාරය ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන බවද ඔහු කියා සිටියේය.

එනිසා තවත් ඕනෑම පක්ෂයකට සහාය ඇතිව හෝ නැතිව පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් තරග වදින බවත් අපේක්‍ෂකයා ස්ථිරවම පොහොටුවේ සාමාජිකයෙක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

145 views