වෙබ් අඩවි ආක්‍රමණ යුගය ඇරඹිලා..- රාජිත

March 28, 2017 at 11:20 am | lanka C news
වෙබ් අඩවි ආක්‍රමණ යුගය ඇරඹිලා..- රාජිත

විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කලාව අවසන් වෙමින් වෙබ් අඩවි ආක්‍රමණ යුගය ආරම්භ වී ඇති බව සෞඛ්‍ය ඇමැති කියයි. බිලොග් සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී පැවැති අතර, එම උත්සව අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මමත් තවම අන්තර්ජාලය ගැන ඉගෙනගන්නවා. අපේ කාලයේ තිබුනේ පුවත්පත් සහ ගුවන්විදුලි මාධ්‍ය පමණයි. 1977 න් පසු රූපවාහිනී මාධ්‍ය ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නා. එය වෙනස් වී අද වනවිට අන්තර්ජාල පහසුකම් ජනතාවට ලැබී තිඛෙනවා. පුවත්පතක ලියන්නට බැරි වූ අයට අන්තර්ජාලයේ ලිවීමට ඉඩ ලැබී තිඛෙනවා. විවිධ බොරු ප්‍රවෘත්ති නිර්මාණය කර අන්තර්ජාලයේ පළ කිරීමෙි හැකියාවත් ලැබී තිඛෙනවා. පුවත්පතක පළ කිරීමට නොහැකි සත්‍ය අසත්‍යතාව නොදන්නා ඇතැම් ප්‍රවෘත්ති අන්තර්ජාලයේ පළ වීම වර්තමානයේ දක්නට ලැඛෙන සුලභ දසුනක්. එම නිසා වෙබ් මාධ්‍යයක හොද මෙන්ම නරක දක්නට ලැඛෙනවා. අපි හොද පැත්ත දියුණු කර ගත යුතුයි.

අපේ කාලයේ සිටි කර්තෘවරුන් ජාතික ප්‍රශ්ණය විසදිමට උත්සාහ කළා. සටන් කළා. නමුත් අද වනවිට එම කර්තෘවරුන්ගේ පුතුන් මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍යවලට වෙන්වී තිබූ සම්මාන උත්සව වෙබ් අඩවිවලට ද ලබාදීම ඉතාම වැදගත්. බිලොග් වෙබ් අඩවි හොද මට්ටමක පවත්වාගෙන යා යුතුයි. අපගේ කාලයේ වගේ නොවෙයි වර්තමානයේ දරුවන් භාවිතා කරන්නේ අන්තර්ජාලයයි. අපි තවම පුවත්පත් බලනවා. අපේ කාලයේ ප්‍රධාන මාධ්‍ය පුවත්පතයි. දරුවන්ගේ ප්‍රධාන මාධ්‍ය අන්තර්ජාලයයි. ඉදිරි අනාගතයේ දී විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය අවසන් වෙමින් අනතර්ජාලය පෙරමුණ ගනියි. මුද්‍රිත මාධ්‍ය අපෙන් ගිලිහීයමින් වෙබ් අඩවි ආක්‍රමණය කරයි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

මෙම සම්මාන උත්සවයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතින් වෙබි මාධ්‍යෙවිදීන් හට සම්මාන ප්‍රදානයන් ද සිදු කරන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

42 views
Main News