වෙරලට ගොඩ ගැසූ කිලෝ 9000ක දැවන්ත මිණිමුතු මෝරෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ.. [Photo]
September 12, 2018 at 8:40 am | lanka C news![වෙරලට ගොඩ ගැසූ කිලෝ 9000ක දැවන්ත මිණිමුතු මෝරෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/09/4554.jpg)
මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට හිදීසියේම ගොඩ ගැසූ කිලෝ 9000ක පමණ බරකින් යුතු දැවැන්ත මිණි මුතු මොරෙකුගේ දිවි බේරා ගැනීමට නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් 10 දින පියවර ගෙන තිබූණි.
වඳවී යාමේ තරුජනයකට ලක්ව සිටින මෙම මිණි මුතු මෝර විශේෂය ඉතා දුර්ලබ ගනයේ මෝරෙකු වන අතර ශ්‍රීලංකාවේ ඇල්ලීමටද තහනම් මත්ස්‍ය විශේෂයක් වෙයි.
මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මෙම මිණි මුතු මෝරා ගොඩ ගැසීමෙන් පසුව මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි මොහාන් කුමාර මහතා විසින් අලම්පිල් පිහිටි නාවික හමුදා අනුකණ්ඩය වෙත මෝරා පිළිබඳ දැනුම් දීමෙන් පසුව නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වරයා ඇතුලු නිලධාරීන් එම අවස්ථාවේදීම මිණි මුතු මෝරා බේරා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.
මෝර පවුලේ විශාලතම වර්ගයට අයත් මෙම මිණිමුතු මෝරා මීටර් 09 ක පමණ දිගකින් යුක්ත වන අතරම අවුරුදු 70ත් 100 ත් අතර කාලයක් ජීවත් වන මත්සයෙකු වන අතර මෙම මෝරා මුහුදේ සැඩ පහරට ලක්ව ගසාගෙන පැමිණ තිබූ අතර එහිදී නාවික හමුදා නිලධාරීන් විසින් නාවික යාත්‍රා උපයෝගී කොට ගෙන මෝරා නාවික සැතපුම් 03ක් පමණ දුරකට ඇදගෙන ගොස් නිදහස් කොට මුහුදට යවන ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දෙවියන්වහන්සේ අනුමත කරන අයට මෙය ලැබුණානම් මාලු වාට අබසරණයි
NAVY Heroes spread mercy to everyone
මිණිමුතු මෝරා ගේ ජීවිතය බේරාදුන් සැමට අපේ ප්‍රණාමය