වෙරලට දින 06 කදී සිරුරු 06 ගොඩගසලා…

December 4, 2021 at 2:20 am | lanka C news
වෙරලට දින 06 කදී සිරුරු 06 ගොඩගසලා…

යාපනය මරදන්කේනි පොලිස් වසමට අයත් වඩමාරච්චි මුහුදු වෙරලේ ස්ථාන දෙකකට 02 සවස වනවිට තවත් මළ සිරුරු දෙකක් ගොඩගැසීම හේතුවෙන් යාපනයේ ධීවර ජනතාව තුල බියක් ඇතිව තිබේ.

යාපනය වඩමරච්චි සක්කෝට්ටෙයි වෙරලට ඊයේ දින පළමු මළසිරුර ගොඩගසා තිබියදී ධීවරයින් පිරිසක් දැක ඇති අතර පසුව වඩමාරච්චි නැගෙනහිර චුණ්ඩිකුලම් මුහුදු වෙරලටද මළසිරුරක් ගොඩගැසා තිබියදී ධීවරයින් දැක ඒ පිළිබඳව මරඳන්කේනි පොලීසියයට දැනුම් දී තිබුණි.

අනතුරුව එම් ස්ථානයන් වෙතට ගිය පොලිස් නිලධාරීන් විසින් මළසිරුරු පරික්ෂා කොට බැලීමේදී මළ සිරුරු හඳුනාගත නොහැකි අයුරින් නරක් වී තිබුණු අතරම මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා යොමු කොට ඇතැයිද පොලීසිය පැවසීය.

මේ අනුව පසුගිය නොවැම්බර් 30 වනදා වඩමාරච්චි මරඳන්කේනි මුහුදු වෙරලට එක් මළ සිරුරක්, 28 වනදා ඩෙල්ෆ් මුහුදු වෙරලට එක් මළසිරුරක් සහ 27 වනදා යාපනය වැල්වැටිතුරෙයි මනල්කාඩු මුහුදු තීරයට මළ සිරුරු දෙකක් වශයෙන් ගොඩගසා තිබියදී ධීවරයින්ගේ සහයෙන් පොලීසිය සොයාගනු ලැබීය.

මුහුදු වෙරල වෙතට ගොඩගසා තිබූ සියලු මළ සිරුරු හඳුනා ගැනීමට නොහැකකි අයුරින් නරකව තිබීම හඳුනාගැනීමට අහසු වී ඇති අතරම සියලු මළ සිරුරු සියල්ලක්ම මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණයන් වෙතට යොමුකොට ඇතැයිද පොලීසිය පවසයි.

මේ අතර මෙලෙස දිනෙන් දින යාපනයේ මුහුදු වෙරලේ ස්ථාන කිහිපයකට මළ සිරුරු ගොඩගැසීම පිළිබඳව ධීවර ජනතාව තුල මේ වන විට බියක් ඇතිව තිබෙන් අතරම අදාල සිදුවීම පිළිබඳව පුලුල් පරික්ෂණයක් සිදුකොට තොරතුරු හලකරන ලෙසද ධීවර ජනතාව පොලීසියෙන් ඉල්ලා සිටිති.

මේ අතර අදාල මළ සිරුරු සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීමේදී  උතුරු පලාතේ මුහුදු ගිය ධීවරයින් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ පැමිණිල්ලක් නොමැති හෙයින් යම් හෙයකින් උතුරු මුහුදට ඇතුල් වීමට උත්සහ කරන ලද අනවසර සංක්‍රමණිකයින්ගේ බොට්ටුවක් පෙරලී එහි පැමිණි පිරිස් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව සිරුරු ගොඩගසන්නේදැයි යන්න පිළිබඳව සෙවීම සඳහා නාවික හමුදාවද දැනුවත් කොට ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,585 views

6 Comments to “වෙරලට දින 06 කදී සිරුරු 06 ගොඩගසලා…”

  1. චුටි දු says:

    මොන තරම් හොරෙන් ලංකාවට ඉන්දියාවෙන් කල්ලතෝනි එනවා ඇද්ද දෙවියනේ

  2. amila says:

    issara sudu van dan ayeth sudu bottu welada danne nene

  3. Sombre says:

    හාහ් හඃ හාහ් ස ෆේල්

    • Osmand says:

      අනේ බං උඹ වගේ හිගන ජෙප්පෙක්. විජේවීර සහෝදරයා එකතුකරගත් මුලු ලංකාවෙන්ම 5%යි. එයින් පසු වර්ථමාන ධනේශ්වර ජෙප්පන්ට හැකි වුනාද ඉන් එහාට එක ප්‍රතිශතයක් වැඩි කරන්න. උඹල වගේ මෝඩයෝ උසිගන්වලා කර්මාන්තශාලා වස්සවා මිනිස්සුන්ගේ රැකියා නැතිකර උන් ⁣ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගෙන උන්ගේ ලමයි පිටරට ඉස්කෝලවල නයිට් ක්ලබ්වල. උඹලා තාම එකතැ පල්වෙනවා.හරියට එළුව⁣ගේ බිජ්ජ වැටෙනකං ඉන්නවා වගේ. කලපනා කරපං බූරුවා.

      • wijesena says:

        eeka hari… oya kenaa hamadeetama liyanawa sir fail kiyala… OUU thamai fail aththenma…

      • මරා says:

        ඔස්මන්ඩ් එකනං ඇත්ත JVP එකට එකතු කර ගන්න පුලුවන් උනේ 5% ..උන්ට බැරිඋනා ඉන් එහාට යන්න ඒ වුනාට අපි කොහොමද නේද ?? උන් බලන් ඉන්නවා එළුව⁣ගේ බිජ්ජ වැටෙනකං …. එක තැන පල් වෙනවා තේරෙන්නෙ නෑ ඒක …ඒකට අපේ පැත්තේ 69 බූරු රැලම එකතු වෙලා නේද ඔස්මන්ඩ් ………….. අපි බලන් ඉන්නවා එල්ලිලා තියන බිජ්ජ දිහා නේද ඔස්මන්ඩ්

Main News