වෙරලට මිනිස් සිරුරක් ගොඩගසයි..

July 29, 2020 at 8:02 am | lanka C news
වෙරලට මිනිස් සිරුරක් ගොඩගසයි..

තලෙයි මන්නාරම් පැරණි පාලම අසල මුහුදු වෙරලට නරක් වූ මිනිස් සිරුරක් 27 සවස ගොඩගසා තිබූ බවට තලෙයිමන්නාරම් පොලීසිය පවසයි.

තලෙයිමන්නාරම් පැරණි පාලම ප්‍රදේශයේ මුහුදු වෙරල ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කරන ලද පාමුර සංචාරයකදී අදාල මළ සිරුර දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබුණි.

පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළ සිරුර පරික්ෂා කොට ඇති අතර මළ සිරුරේ කොටසක්ම නොමැති බවටත් මිය ගොස් ඇති පුද්ගලයා කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනා ගැනීමටද නොහැකි වී ඇත.

මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයෙකු දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවටත් සිරුර නරක් වූ පසු මාලු විසින් කා දමන්නට ඇති බවට පොලීසිය සැක පල කරන අතර මන්නාරම් අධිකරණයට මේ පිළිබඳව දැනුම් දී පරික්ෂණ කටයුතු අරඹා ඇති බවටද තලෙයි මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,944 Viewers

3 Comments to “වෙරලට මිනිස් සිරුරක් ගොඩගසයි..”

  1. small man says:

    බුදු අම්මෝ මෙන්න සර් මිනී මරල මෝරුන්ට කන්න දානෝ.
    මීට ලප කුමාර

    • fass says:

      Wihiluwatawath owa kiyanna epa, UNP and Jeppo supporters la mewage dewaluth piliganna modayo. Wisheshayen Jeppo

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      ඉස්සර උදේට බලද්දී ගංගාවල් දිගේ ජෙප්පො මරපු මිනී පාවෙනවා. හන්දියකට ගියොත් ජෙප්පො මිනී මරල බෙලි කපල රිටි වල ගහල තියනවා බලා ගන්න පුළුවන්. එහෙවු ජෙප්පන්ගේ අතට බලය ආවොත් කොහොම තියෙයිද? 90,000ක් මිනී මරපු ජෙප්පො මිනී මෝරු ගැන කතා කිරීම ලෝක විහිළුවක්.

Leave a Comment

Main News