වෙරලේ නාදුනන මළ සිරුරක්..

June 20, 2019 at 2:05 am | lanka C news
වෙරලේ නාදුනන මළ සිරුරක්..

අම්බලන්ගොඩ ධීවර වරායට ආසන්න මුහුදු වෙරළේ තිබී නාදුනන අයකුගේ පිරිමි මල සිරුරක් අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු යන ධීවරයින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම මල සිරුර සොයා ගෙන තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් පමණ වන අයෙකු බවත් ඔහු කලු දිග කලිසමක් හා සුදු සිහින් කොටු සහිත කමිසයක් ඇද සිට තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. මියගිය අය කලු පැහැති ඉන පටියක්ද බැද සිට ඇත.

මල සිරුර හදුනා ගැනීම සදහා ගාල්ලේ අයෙකු පැමිණෙන බවට අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී තිබෙන බවත් ඔහු මියගිය අයගේ සහෝදරයා බවට තොරතුරු අනාවරණය වි තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. එයින් පසුව මියගිය අය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලබාදිය හැකි බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ වන විට මල සිරුර බළපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර පුෂ්ප කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

804 Viewers
Main News