වෙලදපලේ ලාෆ් නෑ.. ලාෆ් සිලින්ඩරේට ලිත්‍රො ගෑස් බෑ.. දුන්නොත් ලිත්‍රො ගස්…

July 30, 2021 at 6:26 am | lanka C news
වෙලදපලේ ලාෆ් නෑ.. ලාෆ් සිලින්ඩරේට ලිත්‍රො ගෑස් බෑ.. දුන්නොත් ලිත්‍රො ගස්…

මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ සියයට 30ක පමණ කොටසකට දායකත්වය සපයන්නේ ලාෆ් සමාගමයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගන්න ඉහළ ගොස් ඇති බැවින් ඉල්ලූ මිල වැඩි කිරීම සිදු නොවූ නිසා ලාෆ් ගෑස් සමාගම මේ වනවිට ගෑස් ආනයනය කිරීම පිළිබඳව ගැටලුවකට මුහුණ දී සිටී.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා,

පහුගිය කාලය පුරාම අපි පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටියා අපිට සාධාරණ මිල වැඩි කිරීමක් ලබලා දෙන්න කියලා. නමුත් මේ මිල වැඩි කිරීම ලබලා දුන්නේ නැ. ඒ කාරණා හේතුකොට ගෙන සහ අද ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි ඒ හේතුව නිසා ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා ඒ හේතුව තුළ ගෑස් ආනයනය අඩු වෙලා තියෙනවා. මේක තමයි වෙළෙඳපොළේ හිඟයක් ඇති වීමට ප්‍රධාන හේතුව.

ලාෆ්ස් ගෑස් පාරිභෝගික ජනතාව පත්ව ඇත්තේ අසීරුතාවයට පිළියමක් ලෙස අවශ්‍ය වුවහොත් ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබා දීමට ලිට්ට්‍රෝ ගැස් සමාගම සූදානම් බව රජය පවසයි.

පසුගිය දා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලාෆ් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත් එය ආවරණය කිරීමේ හැකියාව තම සමාගම සතුව ඇති බවය.

ඕනෑම වර්ණයකින් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීමට ලිට්රෝ සමාගම පියවර ගෙන ඇති බව ද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා,

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදිත් කතා කළා. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති වරයාත් කිව්වා එහෙම පුරවන්නට යන්නෑ කියලා. මොකද ඒක නීතිමය කාරණයක්. ඕනෑම රටක යහපත් වෙළෙඳපොළ තත්ත්වයක් තියෙන කොට තවත් කෙනෙක්ගේ වෙළෙඳ නාමය තව කෙනෙක් භාවිත කිරීම නීතියෙන් තහනම්. මොකද එම සිලින්ඩරය අපි නඩත්තු කරනවා. ඒකට පුරවලා අනතුරක් හරි යම් දෙයක් වුණොත් වගකීමක් භාර ගන්න බෑ. මේ තත්ත්වය මම හිතන්නෙ නෑ, තවම එහෙම එකඟතාවයකට හෝ යෝජනාවකට සාකච්ඡා වෙලා නෑ.

– newsfirst

36,018 views

7 Comments to “වෙලදපලේ ලාෆ් නෑ.. ලාෆ් සිලින්ඩරේට ලිත්‍රො ගෑස් බෑ.. දුන්නොත් ලිත්‍රො ගස්…”

  1. Sunil says:

    Laughs must accept their cylinder and refund the deposit immediately if they don’t refill. We are in deep trouble unable to cook our meals.

  2. A Sri Lankan says:

    A classic example and a lesson for all Sri Lankans and Businessmen and potential Investors who want to start business in this country. This is how politics can destroy everything. This company has a valid case for a price adjustment but our politicians think the company should sell below the cost. The end result will be a massive write off for the Government owned banks…

  3. sithmal says:

    That is why I am always selecting government organizations.. Dont trust these type of private companies. They have started their company making a deal..

    • gasking says:

      Business run by one family always face this situation. Poor Laughs gas staff suffer because of idiotic senior management decisions specially deputy. 24 billion debt to two gvt banks unbelievable.

      They heavily invested public money in supermarkets and loss making hotels look at their head office building. Expanding rapidly using gas money. wow.They ill treat gas staff at the cost of supermarkets and hotels.
      If they had used gas terminal cash flow to develop it, it would have been run by low cost and provided gas at lower price than now. What happened is that they dump all Head office expenses to jack up the cost of cylinder to pass the cost of bad management to people.
      Now all are suffering.

  4. Gas Maama says:

    Earlier one party went to courts and obtained a court order prohibiting the refilling of gas by other parties. If I remember correctly it was Shell gas which later became Litro.

  5. JaGa says:

    කවුරු හරි මතක කෙනෙක් ඉන්නවාද මේ “ලාෆ් – වෑගපිටිය” ගෑස් බිස්නස් වලට බහින්ට කලින් කීව දේ!

    “වෙළඳ පොල් පවතින ගෑස් මිළට වඩා ඉතා අවුවෙන් අපිට පුළුවන් මහජනයාට ගෑස් දෙන්ට, shell එක විශාල ගසා කෑමක් කරන්නේ මහජනයාගෙන්, අපිට ඉඩ දෙනවානම් අපි මහජනයාට ඉතා අඩු මිළට ගෑස් දෙන බව” සති අන්ත පත්තර පිටු පිරෙව්වා! අන්තිමට මොකද වුනේ!
    අනිත් එකා විකුනන මිළට සමාන කරලා මිනිස්සුන්ට ගෑස් වික්කා!
    ” තරඟකාරිත්වය තුලින් ඇතිවෙන මිළ පහළ යාම සහ ප්‍රතිලාභ මහජනයාට ලැබෙන බව දැක්වෙන න්‍යාය ආර්ථික විද්‍ය පොත් වල පමණයි. ඒවා මේ පොලොව උඩ යථාර්ථයක් වෙන්නේ නෑ. “යුරෝපයේ” රටවල නම් ඒ පොත් වල කියන දේවල් සිද්ධ වෙනවා.
    ඒත් මෙහේ කරන්නේ “ගරිල්ලා මාකටින්”
    තරඟකරුවෙක් ආපු ගමන් ඒ අය මුලින්ම එකතු වෙනවා මහජනයා හුරා කන්ට. රට කරවන උන් ඒ වැඩට ඉනිමං බදිනවා!

  6. සවාධීන says:

    Just wait for little while.
    This company will purchase a nice man and run the business.

Main News