වෙලදසැල් තුනක් බිද මුදල් සොරකම් කල සැකකරුවෙක් අල්ලා පොලිසියට භාරදෙයි…

October 31, 2021 at 8:02 am | lanka C news
වෙලදසැල් තුනක් බිද මුදල් සොරකම් කල සැකකරුවෙක් අල්ලා පොලිසියට භාරදෙයි…

හැටන් නගරයේ වෙලදසැල් තුනක් (28) දින අලුයම බිද ඇතුලු වු පුද්ගලයෙකු එම වෙලදසැල් වල තිබු මුදල් සහ ජංගම දුරකථන සොරාගෙන ඇති අතර,එම සැකකරුව අල්ලා පොලිසියට භාර දිමට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත.

හැටන් නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් , නිමි ඇදුම් වෙලදසැලක් සහ ජංගම දුරකථන අලෙවිසැලක් තුලට සැකකරු එම වෙලදසැල්වල දොරගුළු කඩා (28) දින අලුයම 2 සිට අලුයම 4.30 දක්වා වෙලදසැල් තුලට ඇතුල් වි එම වෙලදසැල් වල තිබු මුදල් සොරාගෙන ඇත.

හැටන් නගරයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරින් සැකකරු වෙලදසැලකට ඇතුල් වි ඇති බව දැක ඒ පිලිබදව වෙලදසැලේ අයිතිකරු වෙත දැනුම් දිමෙන් පසු එම වෙලදසැල් වල සේවකයන් එක් වි පලා යන සැකකරු හැටන් පොලිසියේ නිලධාරියෙකුගේද සහය ඇතිව අල්ලා පොලිසිය වෙත භාර දි ඇත.

සැකකරු කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, එළඹෙන දිපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු හොදින් සිදු වන නිසා වෙලදසැල් වල තිබෙන මුදල් සොරගැනිමේ අරමුණින් හැටන් නගරයට (27) දින සැකකරු පැමිණ ඇති බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් දැනට කරන ලද මුලික පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,616 views

One Comment to “වෙලදසැල් තුනක් බිද මුදල් සොරකම් කල සැකකරුවෙක් අල්ලා පොලිසියට භාරදෙයි…”

  1. Love nature says:

    ළමයින් සොරකම් කිරීමට හේතු.

    ඔයාගේ දරුවාට ඔහුගේ/ ඇයගේ ක්‍රියාවන් පාලනය කිරීමට නොහැකි විය හැකි අතර දරුවා ඉදිරිපිට දකින ඕනෑම දෙයක් සොරකම් කරන්න පුළුවන්.
    දරුවා ඔයාට මිලදී ගෙන දිය නොහැකි යැයි හැඟෙන මිල අධික දෙයක් සඳහා ආශාවෙන් සිටින විට, ඔහු සොරකම් කිරීමට නැඹුරු වෙනවා.
    දරුවාගේ ළග සිටින කෙනා හෝ මිතුරන් සොරකම් කිරීමට අනුබල දෙන කෙනෙක් නම් දරුවා අන් අයගෙන් දේවල් සොරකම් කරනවා.
    ඔයාගේ දරුවාට තම ගුරුවරයාගෙන් හෝ දෙමව්පියන්ගෙන් ප්‍රමාණවත් අවධානයක් නොලැබෙන බව දැනෙන විට, ඔයාගේ අවධානය ලබා ගැනීම සඳහා සොරකම් කිරීම වැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවය ඔහුට/ ඇයට දැනෙනවා.
    සොරකම් කිරීම වැරදි දෙයක් බව නොදැන දරුවා සොරකම් කළ හැක. ඔහු/ ඇය විනෝදය නිසා තමාට ප්‍රයෝජනවත් නොවන දේවල් පවා සොරකම් කරනවා.

    දරුවා සොරකම් කරන්නේ නම් එය වළක්වා ගන්නේ කෙහොමද?

    දරුවාට කිසි විටෙකත් චෝදනා කරන්න එපා: ඔයාගේ දරුවා සොරකම් කර ඇති බවක් හෝ ඔයාට විශ්වාසවන්ත කෙනෙක් ඒ ගැන කිව්වා වුනත් දරුවාට ඒ ගැන චෝදනා කරන්න එපා. සමහර විට දරුවා බොරු චෝදනාවලට හෝ වරදවා වටහා ගැනීමකට ගොදුරු වෙලා ඇති.
    ඔහු හෝ ඇය වැරදි දෙයක් කර ඇති බව පැහැදිලිව කියන්න: සොරකම් කිරීමේ ක්‍රියාව පිළිගත නොහැකි බව ළමයින්ට කියා දෙන්න. දරුවන් කළ මෙම ක්‍රියාව වැරදි ක්‍රියාවක් බවත් එමගින් ඔවුන්ට දඩුවම් ලැබෙන බවත් ඔවුන්ට පවසන්න.

Main News