වෙලදසැල් පෙලක් ගිනිගනී..

November 25, 2019 at 8:02 am | lanka C news
වෙලදසැල් පෙලක් ගිනිගනී..

හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙලදසැල් පේලියක අද (25) අලුයම ගින්නක් හටගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

අද (25) උදැසන 6.45ට පමණ ගැස් අලෙවි කරන වෙලදසැලකින් හටගත් ගින්න වෙලදසැල් තුනක් දක්වා පැතිර ගිය බව නොර්වුඩ් පොලිසිය පැවසුවේය.

ගින්නෙන් ගැස් අලෙවි කරන වෙලදසැලක් සහ සිල්ලර වෙලදසැලක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර තවත් එක් සිල්ලර වෙලදසැලක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වි ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වි නොමැත.

පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ නොර්වුඩ් ප්‍රදේශවාසින් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

144 views
Main News