වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

August 17, 2021 at 6:28 am | lanka C news
වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද කඩ වසා දමන අය මෑතකදී විරෝධතා සිදු කරද්දී කඩ වසා දැමීමට කටයුතු නොකළ බවත් එහිදී එම අවස්ථාවේදී ද කඩ වසා දමා විරෝධය පල කිරීමට තිබූ බවත් අමාත්‍යවරයා පවසයි.

කොරෝනා බෝ කිරිම සඳහා විපක්ෂය සහයෝගය දුන් බවත් විරෝධතා පැවැත්වීමට දහස් ගණන් නගරවලට රැුස් කිරීමට ඔවුන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

අද මෙරට සිටින්නේ මිනිස්සු මැරෙන දෙස බලා සිටිනා කාලකන්නි විපක්ෂයක් යයිද ඒ මහතා පැවසීය.

65,114 views

48 Comments to “වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..”

  1. බයියා says:

    මෙලෙස නගරයන් වල කඩ වසා දැම්මත් නගර ගම්මාන වසා ගැනීමත් තුලින් රටට හා ලෝකයට දේශීය හා විදේශීය මෙන්ම සමාජ මාධ්‍ය තුලින් ඉස්මතු වන්නේ ආණ්ඩුව කොරේනා පාලනයට ප්‍රමානවත් ක්‍රියාමාර්ග නොගැනිම නිසා රටේ ජනතව විසින්ම ඊට පියවර ගැනීමක් ලෙසයි. එය ආණ්ඩුවට ඇති ව ඇති රටේ ජනතා විරෝධය ලෙසත් විපක්ෂය විසින් පුරෝකතනය කළ හැක.

  2. මහ මොළකරු says:

    මේ වගේ කසිප්පු කාරයන්ටත් ඇමැතිකම් දීලා තියෙන රජයකින් තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද​

    • JUDE says:

      ඔබේ බාර් රටේ හැමතැනම කොරෝනා සමයේ විවෘත කරලා , ඔබ නේද කොරෝනාව රටේ හැමතැනම පැතිරෙව්වේ ..බයිලා කියන්නේ කාටද ?

    • LalithM says:

      කසිප්පු කාරයෝ. කාමර වලට එබිල
      හොරෙන් බලන එවුන් මාල කරපු එවුන් ….

  3. jayananda says:

    gon katha kiyanna epa minisunnata marana biya danila

  4. Sandy says:

    puduma gonek !

  5. පුියන්ත says:

    විකුනන්න බඩුත් නැතිව කඩ ඇරගෙන කොරෝනා විකුනන්නද මුදලාලිලා

  6. වෙල් ෆැන්ටා මුදලාලි says:

    කුරුණෑගල කොරෝනා පැතිරී යද්දි කඩ වහන්නෙ නැතිව ඉන්නෙ ඇයි කියලා දැනුයි තේරුම් ගියේ… හනේ අපොයි.. 🤔🤔🤔

  7. Crazy says:

    මෙය ඔබලා විසින් ගනු ලබන ඇතැම් තීන්දු සහ තීරණ වලට නැගෙන ජනතා විරෝධය ලෙස ඔබහට නොතේරෙන්නේ නම් ඔබේ ආණ්ඩුවේ පැවැත්ම ඉතා අවිනිශ්චිත බව පමණක් සඳහන් කරමි. මිනිසුන් මෙපමණ මිය යද්දී රාත්‍රී ඇඳිරි නීතිය පණවන ලද්දේ වවුලන්ටද? ඔබලා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග වැරදි බව පමණක් තේරුම්ගෙන දැන්වත් මිනිසුන් ගැන සිත කටයුතු කළහොත් නැගෙන ජනතා අප්‍රසාදයෙන් මිදීමට තවමත් කල් තිබේ.

  8. සිරිසේන says:

    මිනිස්සු මොනවා කලක් මූ විපක්ෂයට බනිනවා…මූ හිතෙන්නේ මුං විපක්ෂයේ ඉඳන් කරපු දේවල් දැන් ඉන්න විපක්ෂත් කරනවා කියලා…

  9. sumudu says:

    ආර්ථිකය මිළ කළ හැකි මුත් මනුෂ්‍ය ජිවිත මිළ කළ නොහැකි බව දේශපාලකයන්ට නොවැටහෙයිද ?

  10. Sri 🇱🇰 says:

    ගුරු වර්ජනය නිසා නම් කොරෝනා වැඩි වුනේ එහෙනම් මැරෙන තරමක් වර්ජනය කරපු අය වෙන්න ඔනා මේ මැරෙන්නෙ. එ නිසා අනිත් අපිට බිය විය යුතු නැනේ, ඒ නිසා අලුතින් ගුරු වරු බදවා ගන්නත් වෙනවා, එත් වර්ජනය කල අය නෙමෙයි අනිත් අය මැරෙන එක තමා ප්‍රශ්නේ