වෙල්ගම කට වහගනු.. ගෝටාට විරුද්දව තව වචනයක් කිවුවොත් පහර දෙනවා..- ගම්මන්පිල

October 23, 2018 at 10:40 am | lanka C news
වෙල්ගම කට වහගනු.. ගෝටාට විරුද්දව තව වචනයක් කිවුවොත් පහර දෙනවා..- ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා කරන්නේ නම් ඉතිහාසයේ මෙල්ගම මහතා විසින් කළ කාර්යය අමතක කර පිළිතුරු දෙන්න සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

කුමාර වෙල්ගම මහතා ඒකාබද්ධ විපක්ෂයේ ගොඩනැගීම සඳහා විශාල මැදිහත්වීමක් කළ පුද්ගලයෙකු බවත් ඔහු මේ උත්සාහ කරන්නේ වතුර ඇදලා කළය බිඳින්නා වාගේ වැඩක් කිරීමට බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නගන චෝදනා නවත්වන්නැයි පක්ෂ නායකත්වයද අවවාද කර ඇති බවත් කී මන්ත‍්‍රීවරයා තව ටික දිනක් බලන්න ඉතිහාසයේ ඔහුගේ කාර්යය අමතක කරමින් ඒවාට පිළිතුරු දෙන්නට සූදානම් බවද කියා සිටියේය.

67 views
Main News